කොළඹ දෙවන හරස් විදියේ රෙදිපිලි තොග වෙලදසැලක පසුගියදා හටගත් ගින්නකින් බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සේවිකාවක් (03) දින මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තලවකැලේ වටගොඩ වත්තේ පහල කොටසේ පදිංචිව සිටි විජයම් ගයන්ති නැමති (22) හැවිරිදි තරුණියෙකි.
පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් මිට වසරකට පමණ ප්‍රථම තම දියණිය කොළඹ රෙදිපිලි අලෙවිසැලේ සේවයට ගිය බවත්, ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා මියගිය තරුණියගේ රෝගාතුර වි සිටින බවත්, මියගිය තරුණියට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකුද සිටින බවයි පවුලේ ඥාතින් කියා සිටින්නේ.
තම මව සහ පියාගේ රෝගි තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනිමට සහ ඔහුන්ට ජිවත් විමට අවශ්‍ය මුදල් මාසිකව මියගිය තරුණිය විසින් එවු බවත් , මිට සිව් මසකට ප්‍රථම අවසන් වරට දියණිය නිවසට පැමිණි බවයි මියගිය තරුණියගේ ඥාතින් කියා සිටියේ.
වටගොඩ දමිල මහා විද්‍යාලයේ උසස් පෙල දක්වා අධ්‍යාපනය හදාරා ඇති විජයම් ගයාන්ති තම අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොලැබුණු නිසා ඇය මෙසේ රෙදි පිලි අලෙවිසැලක සේවයට ගිය බවයි ඥාතින් කියා සිටියේ.
මියගිය විජයම් ගයන්තිගේ සිරුර (03) දින රාත්‍රියේ වටගොඩ පිහිටි නිවසට රැගෙන එන බවත්, ලබන (05) දින වටගොඩ පොදු සුසාන භුමියේ අවසන් කටයුතු සිදු කරන බවයි මියගිය ඥාතින්ගේ ඥාතින් කියා සිටියේ.
(හැටන් රංජිත් රාජපක්ෂ)