

Politics
දීපාවලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් සුබපැතුම් පණිවිඩයක්
අඳුර දුරලමින් ආලෝකය උදාකරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය නිමිත්තෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටිනි.
විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරන අතර, තමන් ආලෝකය ලබාගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.
මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතත් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවය.
රටක් ලෙස අපද පසුගිය වසර දෙක තුළදී මුහුණ දුන්නේ ඉතා අඳුරු සමයකටය. එම ඝන අඳුර පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ශ්‍රී ලංකාව දැන් ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටියි.
සශ්‍රීකත්වයේ පහන් එළි රට තුළ දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.
අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන සුබ දිපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමමි.
රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
Politics
Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Politics
2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.
Politics
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි