බැලූ බැලූ මානයේ කහවන් පලසක් ඇතිරූ ආකාරයෙන් පිපී දක්නට ලැබෙන බලල් පහුරු නම් පඬු පැහැ පුෂ්ප විශේෂය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත මෙම දිනයන්හි පැමිණෙන සියලු දෙනාගේ සිත් සතන් පහන් කරන මනරම් දසුනක් බවට පත්ව තිබෙනවා.
Dolichandra unguis – Cati නම් උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන මෙම බළල් පහුරු ශාකයේ මල් පල දැරීම සෑම වසරකම මාර්තු මස මැද භාගයේ සිදුවන අතර ඉන්පසු අප්‍රේල් මස මැද දක්වා විශාල වශයෙන් සිදුවනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ මෙන්ම, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන පරිශ්‍රයන්හි ද විශාල වශයෙන් වර්ධනය වී ඇති මෙම ශාකයෙන් පිපෙනා මල් මුළුමනින්ම ඉතා දීප්තිමත් පඩුවන් පැහැයෙන් ප්‍රදේශයම වැසී යනසේ ඉතා අපූර්ව අලංකාර දසුන් මවනවා.
මෙම ඉතා අලංකාර මල් පිපෙන ශාකය විශාල වැලක් ආකාරයෙන් පැතිරෙන අතර එම වැල් මීටර් 30 කටත් වඩා ඉහළට ගමන් කරනු ලබනවා.
ඉන්පසු මල් වැල් ආකාරයෙන් පහතට එල්ලා වැටෙමින් මනස්කාන්ත දර්ශනයක් මවන මෙම බළල් පහුරු මල් යාය නැරඹීම සඳහා ද විශාල පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය කරා පැමිණෙනවා.