ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි තරුණයන් සයදෙනා එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින හැටන් ප්‍රදේශයේ පදිංචි සිසුවියකට තරුණයන් සයදෙනා අවස්තා කිහිපයකදි හිරිහැර කර ඇති බවත්, එම හිරිහැර ඉවසා ගැනිමට නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබදව කල දැනුම් දිමක් මත දෙමව්පියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන් සයදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් (18) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

(හැටන් රංජිත් රාජපක්ෂ)  

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here