අද දිනයේ ක්‍රියාත්මක කිරීමට තිබූ දුම්රිය වර්ජනය අවලංගු කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු ඇතුලු සේවාවාර කිහිපයක් වෙනුවෙන් ලබා දී ඇති ඛේතයක් නොමැති වැටුප් පරිමාණයේ 12, 23 පියවරයන් දෙවන පෙල හා පලමු පෙල උසස් වීම් සදහා ලබා දීමට අවශ්‍ය තීරණය අද දින අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් වෙත දන්වා යවා ඇති බව එම සංගමයේ කැදවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.

එම නිසා අදාල තීරණය කැබිනට් මණ්ඩල කාර්‍යාලය අද දිනම ප්‍රවාහන අමාත්‍යංශය වෙත එවන බවට දන්වා ඇති නිසා, කැදවා ඇති වැඩවර්ජනය සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, සූදානම් කල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවත් එම නිසා ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්ජනය අවලංගු කෙරූ බව සඳහන් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here