තිසර සමල් – අනුරාධපුර     

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වී ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන විනිවිදභාවය පිළිබිඹු නොවීම හේතුකොට ගෙන තමන් ඉන් ඉල්ලා අස්වන බව දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් ලිපියක් මගින් කථානායකතුමන් වෙත දැනුම් දී ඇත.

එම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ව ඇත්තේ,

09 වැනි පාර්ලිමේන්තුවේ 05 වැනි සැසිවාරයේ පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස මා තෝරාපත් කර ගැනීම පිළිබඳව ප්‍රථමයෙන්ම ඔබතුමන්ට ස්තූතිවන්ත වෙමි.

පසුගිය ඉතිහාසය තුළ අප රට පාලනය කළ නොයෙක් රජයන් විසින් දියත් කන ලද යහපත් වැඩපිළිවෙල සහ නොයෙක් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වූවද, එහි සාර්ථක ප්‍රථිඵල ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ඉටු නොවීම හේතුවෙන් පසුගිය එමකාළවකවානු තුළ පාලන තන්ත්‍රෙය් සහ රටෙහි එක් එක් ක්ෂ්‍රේත්‍රයන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් රට නිවැරදි මාර්ගයට යොමු කර ගැනීම සඳහා පක්ෂ-විපක්ෂ, උගත්- බුද්ධිමත්, තරුණ තරුණියන්ගේ අරගල ක්‍රියාවලිය තුළ ඉදිරිපත් වූ රටට හිතදායි ජනතාව බලාපොරොත්තු වන නව ප්‍රථිසංස්කරණ ක්‍රියාවලියට (System Change) මමද එකඟ වෙමි.

අප රටෙහි අනාගත දුවා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කඩිනමින් වෙනස් කළ යුතු දෑ වෙනස් කළ යුතු බවද පසුගිය කාළවකවානුව තුළ රටේ ජනතාවට පාර්ලිමේන්තුව පිළිබඳ ගිලිහී ගිය විශ්වාසය නැවත වතාවක් ජනතාවගේ පරමාධීපත්‍ය පිළිබිඹු කරන ආයතනය ලෙස, විනිවිද භාවයකින් මෙන්ම වගකීම සහ වගවීම යන සිද්ධාන්ත මූලික කරගත් ජනතාවාදී ආයතනයක් ලෙස ආදර්ශයක් රටේ ජනතාවට ලබා දිය යුතු බව තරයේ සිහිපත් කරමි.

එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන විනිවිදභාවය පිළිබිඹු නොවීම හේතුකොට ගෙන එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කළ බව මෙයින් දන්වා සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here