විරෝධතාවයක් අතරතුර පසුගියදා අත්අඩංගුව ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යන අය අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පිරිස අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර මෙම පිරිස අත්අඩංගුවට ගැනුණා.