වසර හතරක පමණ කාලයක් තිස්සේ රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක් දහස් පන්සීයක (21871500) ක මුදලක් වංචා කළ බව කියන නගර සභාවේ ආදායම් අංශයේ හිටපු කළමනාකරණ සහකාරවරියක වන දේනුකා නිශාන්ති මැණිකේ නැමැති අයට එරෙහිව විදේශ ගතවීම වැලැක්වීමේ නියෝගයක් මහනුවර පොලීසිය අධිකරණයෙන් ලබාගෙන තිබේ.

අදාළ වංචා හෙළිදරව් වන විට මෙම නිලධාරිනිය වාර්ෂික ස්ථාන මාරු යටතේ පසුගිය ජනවාරි මස මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ සිට පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගොස් සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික මහතා ගේ ඉල්ලීම මත මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය විසින් පරීක්ෂණ කමිටුවක් පත් කළ අතර එහි තීරණයකට අනුව අදාළ සේවිකාවගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

මෙම නිලධාරිනිය කල් ඉකුත්ව තිබූ ඇගේ විදේශ ගමන් බලප්‍රතය  දැනට සති දෙකකට පමණ ඉහත දී යාවත්කාලීන කරගෙන තිබෙන බවට ලද තොරතුරු මත ඇය විදේශ ගතවීමේ අවධානමක් පවතින බව මහනුවර නාගර සභාව මගින් කළ දැනුම් දීමකට අනුව පොලීසිය කරුණු වාර්තා කර මහනුවර අධිකරණයෙන් අදාළ නියෝගය ලබාගෙන ඇත.

මෙම නිලධාරිනිය ගේ සැමියා විදේශ ගතව සිටින බව ද වාර්තා වේ. මහනුවර නගර සභාව මගින් අදාළ වංචාව සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස හිටපු කළමනාකරණ සහකාරවරියට දැනුම් දී ඇතත් ඇය පොලීසියට පැමිණ නොමැති බව දැන ගන්නට තිබේ.

(කේ.එල්. සුරවීර මහනුවර)                                                                                  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here