වවුනියාව,පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ කමලඅම්බිගෙයි සොක්කලිංගම් මහත්මියගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් විදුහල්පතිනිය වෙත ගෞරවය පිරිනැමීමේ උත්සවයක් ඊයේ(03) විද්‍යාලයේදී පැවැත්විණ.

විදුහල්පතිනිය විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් විසින් කරමතින් රැගෙන ගොස් ගෞරවය පිරිනැමීම එහිදි සිදුකළහ.

පැරණි දෝලාවක් වැනි පුටුවක් සකස් කොට ඒ මතින් විදුහල්පතිනිය පාසල වටා රැගෙන ගොස් ගෞරව දැක්වීමට විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් කටයුතු කළහ.

විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව දෙමාපියන් පැවසූහ.

කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන් අධ්‍යාපනය නංවාලීමට විදුහල්පතිනිය නිරතුරුව කටයුතු කළ බැවින් විදුහල්පතිනිය විශ්‍රාම යන දිනයේ තමන්ගේ කර මතින් රැගෙන යාමට කටයුතු කළ බවද දෙමාපියන් සඳහන් කළහ.

දෙමාපියන් පැවසූවේ මුදල මතම යැපෙන සමාජයක තම වැටුපෙන් කොටසක්ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විදුහල්පතිනිය ඇතැම් අවස්ථාවල කටයුතු කොට ඇති බවයි.

විදුහල්පතිනිය එළැඹෙන 06 වැනිදා විශ්‍රාම යාම නිමිත්තෙන් දෙමාපියන් විසින් ගෞරව පිරිනැමීමේ වැඩසටහන සංවිධානය කොට තිබිණ.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here