පෞද්ගලික ආරවුලක් මත වටවන ප්‍රදේශයේදී කාන්තාවකට දෙල් ගෙඩියකින් හිසට පහරදී ඝාතනය කළ බව කියන 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ මැල්සිරිපුර වටවන පදිංචි එච්.සි.ඇසිලින් නමැති හැත්තෑ නමය හැවිරිදි සිව් දරු මවක්.

පවුල් දෙකක් අතර ඇතිවූ පෞද්ගලික ආරවුලකදී සැකකාර තරුණයා කාන්තාවට අතේ තිබුණ දෙල්ගෙඩියකින් හිසට පහර දී ඇති බවත්, සිහිසුන්ව ඇද වැටුණු කාන්තාව රෝහල් ගත කරන විටත් මියගොස් ඇති බවත්, පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ඒ අනුව, මරණයට සම්බන්ධ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට යොදාගත් දෙල් ගෙඩිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here