Connect with us

Politics

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක් – ජනපති

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති.

සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.

1997 වසරේ සිට සෑම වසර තුනකට වරක්ම පැවැත්වෙන ජලය පිළිබඳ ප්‍රමුඛ සමුළුවක් වන ලෝක ජල සමුළුවේදී ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා වන අතර ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරකි
ලෝක ජල සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්මික සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාළගුණ සංවිධානය එක්වී සිටී.

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

සමුළුට එක්ව සිටී රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ඉන්දුනිසියානු ජනාධිපතිවරයා විසින් ඉතා මිත්‍රශිලීව පිළිගනු ලැබීය.

මෙම සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

10 වැනි ලෝක ජල සමුළුව බාලි හිදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා වෙත පළමුවෙන්ම මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි.

“සාමූහික සෞභාහ්‍ය සඳහා ජලය” යන තේමාව, සියලු ජීවීන්ගේ ජීව රුධිරය වන ජල සම්පත් සහ පරිසර පද්ධති සේවාවන් කළමනාකරණය කිරීමේ සාමූහික වගකීම කෙරෙහි අවධානය යොමු කරවන්නක් බව කිවයුතුයි.

ඒ වගේම මෙය ඉන්දුනීසියාව විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පස්වන සැසිවාරයේදී (UNEA-5) යෝජනා කරන ලද “තිරසර විල් කළමනාකරණය” යන යෝජනාවට ද අනුකූල වෙනවා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව “6/13 දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අඩුවීම හා පරිසර දූෂණය යන කරුණු සම්බන්ධයෙන් තිරසර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ජල ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා ඵලදායී හා සියල්ල ඇතුළත් විසඳුම්” යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

G20 සංවිධානයේ සභාපතිත්වය තුළ ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය ආරම්භ කිරීම සඳහා මුලපිරීම පිළිබඳ ඉන්දුනීසියානු රජයට සුබ පැතීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලංකාව එහි පුරෝගාමී සාමාජිකයෙකු වීමට කැමැත්ත පළ කරනවා.

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක්. අද පවතින ජල සම්පත් අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව ද දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් බව සඳහන් කළයුතුයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් 2090 දක්වා පුරෝකතනය කර ඇති දේශගුණික තත්ත්වයන්ට අනුව, ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වැඩි වියළි ස්වභාවයකට පත්වන අතර තෙත් කලාපය පෙර නොවූ විරූ ආකාරයෙන් තෙත් තත්ත්වයට පත් වනු ඇත. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක් වෙනවා.

මා ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන මේ පිළිබඳ සඳහන් කළේ ලෝකය පුරාම සිදුවන්නේ ද මෙය බව සඳහන් කිරීමටයි.

ගෝලීය වශයෙන් ගත් විට, ජල අර්බුදයට විසඳුම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒ සඳහා අනුවර්තනය වීම මත රඳා පවතිනවා. ජලය ඉලක්ක කරගත් නිශ්චිත ක්‍රියාමාර්ග සමඟ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කළ යුතුයි.

ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය තුළ, ජලය, අනුවර්තන අංශ යටතේ වර්ගීකරණය කර තිබෙනවා. අනෙක් අතට, විමෝචනය මූලික හේතුව වන බැවින් දේශගුණික විපර්යාස අවම කිරීම සමානව වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා. ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අවසන් වීමෙන් පසුව මේ සඳහා පවතින දේශපාලන කැමැත්තෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා.

දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වී පවතින හානි හා පාඩු අරමුදල ස්ථාපිත කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළහොත්, මෙම පරතරය පියවා ගැනීමට එය උපකාරී වෙනවා වගේම එය විශාල පියවරක් වෙනවා.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එසේ වුවත්, එහි අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල මත රඳා පවතිනු ඇතියි.

2021 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් 2030 වසරේදී ගෝලීය වශයෙන් ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.7 ක් සහ 2058 වසරේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 22 ක් ආයෝජනය කිරීමට ඇස්තමේන්තු කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනෙහි 2023 වසරේ (UNEP) “අඩු මුල්‍ය – අඩු සුදානම්” වාර්තාව අනුව දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම මූල්‍ය පරතරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 194 සිට 366 දක්වා වන බව තක්සේරු කර තිබෙනවා.

යුක්‍රේනයේ මරණ සහ විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටිනවා. නමුත් දේශගුණික විපර්යාස නිසා සිදුවන මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට අකැමැත්තක් දක්වනවා.

අපේක්ෂිත ප්‍රමාණවලින් සහ අපේක්ෂිත වේගයකින් අප වෙත අරමුදල් නොපැමිණෙන නිසා සම්පත් පරතරය මඟහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව COP 28 සමුළුව වෙත නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative) ඉදිරිපත් කළා.

එය ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපයේ ස්වභාවික වනාන්තර, කඩොලාන, වගුරු බිම්, තෘණ බිම්, ජල මූලාශ්‍ර සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා වාණිජ ආයෝජන උපයෝගී කර ගැනීමේ නව සංකල්පයක් වෙනවා.

මෙම කලාපය ආරම්භයේ සිටම සමස්ත ලෝකයටම ආරක්ෂක පලිහක් බවට පත්වුණා. එය වර්තමානයේ පවතින ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්ප්‍රේරක වේගකාරකයක් වෙනවා. නිවර්තන කලාපයේ ආයෝජනය කිරීම, ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් ගෙන එනු ඇතියි.

මෙම සන්දර්භය තුළ, ගෝලීය මිශ්‍ර මූල්‍යකරණය පිළිබඳ වැඩසටහන මගින් ගෝලීය දකුණට අවශ්‍ය මූල්‍ය සම්පත් සකස් කර ගැනිමට හැකියාව ලැබෙනවා. මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4 සහනදායී මූල්‍යකරණය සඳහා හොඳ උදාහරණයක් වෙනවා.

නිවර්තන කලාපීය මුලපිරීමට ද මෙම පහසුකම ප්‍රයෝජනවත් වනු ඇතියි. මෙම සන්දර්භය තුළ බදු පාරාදීසයන්හී තැන්පත් කර ඇති ගෝලීය බදු පැහැර හැරීම් ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය මත 10% ක බද්දක් පැනවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනා කරනවා.

එම වාර්ෂික ලාභය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැංකු සහ මූල්‍ය ආයතනවලට රුසියානු බැංකුවලට පැනවූ සම්බාධකවලට සමාන ආකාරයේ සම්බාධක පැනවීමෙන් මෙම බද්ද ක්‍රියාත්මක කළ හැකියි.

දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම වෙනුවෙන් වන මිශ්‍ර මූල්‍ය ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට මෙම බදු මඟින් අරමුදල් ලබා ගත යුතුයි.

ගෝලීය මිශ්‍ර මූල්‍යකරණ මුලපිරීම, හානි හා පාඩු පිළිබඳ අරමුදල්වලට අතිරේකයක් මිස විකල්පයක් නොවෙයි. මෙම ක්‍රියාමාර්ග දෙක එකට ක්‍රියාත්මක කළ යුතුයි.

එබැවින් සන්ධාන ලේකම් කාර්යාලය පිහිටුවීම සහ G20 සමුළුවේදී මෙම වැඩසටහන පිළිබඳ යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව විසින් සිදු කරන ලද භාරදූර කාර්යය වෙනුවෙන් මෙම සමුළුවේදී අපගේ ප්‍රශංසාව පළ කරමු.

ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මිශ්‍ර සන්ධානය එකට එක්ව ගෙන ඒම සඳහා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා දැක්වූ දායකත්වය වෙනුවෙන් නැවතත් අපගේ ස්තූතිය පිරිනමනවා.

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා විසින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් බාලි සංස්කෘතික උද්‍යානයේ දී ඊයේ (19) පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන නායකයෙකු නිසා මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණ කළ බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Continue Reading

Politics

Watch : එක්සත් රාජධානියේ ලාංකිකයින් අමතන්න ආපු අනුරට උණුසුම් පිළිගැනීමක්

Continue Reading

Politics

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ජනාධිපතිවරයා සහ පොහොට්ටුව දේශපාලන කඳවුරු දෙකක වුවද එය පිළිගත යුතු බවයි ඇය කියන්නේ.

අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශක්තිමත් දේශපාලන ගමනක් සඳහා සියළු දෙනා ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් බවත්, ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොඑවන ලෙස විදේශගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බවත් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය අවධාරණය කර සිටිනවා. කෝවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් රටට සංචාරකයින් නොපැමිණි බවත්, ඒ හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් ඇය කියනවා.

Continue Reading
Advertisement
World18 mins ago

මොකක්ද මේ mpox ? දෙවන mpox මරණයත් වාර්තා වෙයි

Politics24 mins ago

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට

Politics51 mins ago

Watch : එක්සත් රාජධානියේ ලාංකිකයින් අමතන්න ආපු අනුරට උණුසුම් පිළිගැනීමක්

Politics2 hours ago

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

Hot News2 hours ago

මන්දපෝෂණ දරුවන්ට වෙන් ක​ළ 15,000 තාම නෑ

Sports2 hours ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News2 hours ago

වාහන ආනයන වැඩපිළිවෙල හදන්​න කමිටුවක්

Hot News4 hours ago

පාසල් සිසුන් දෙදෙනෙකු ගුටි කෙළියක – එක් සිසුවෙකුට පිහි පහරක්

Hot News4 hours ago

කාන්තාවක​ට වෙඩිතබා බිය ගන්වා ලක්ෂ 20ක් කොල්ලකෑ පුද්ගලයෙක් අල්ලයි

Politics5 hours ago

ඉන්දීය විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

Hot News6 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics7 hours ago

ක්‍රිකට් හදන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට

Politics7 hours ago

තවත් ප්‍රබල අත්තක් සජිත්ගේ අතේ එල්ලෙයි

Sports8 hours ago

රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

Sports8 hours ago

දිල්හානි ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Politics8 hours ago

බොරු චෝදනාවලට තමයි ජිනීවාවලදී අපට උත්තර බඳින්න වෙලා තියෙන්නේ – මනූෂ

Hot News9 hours ago

උද්දිකගේ නාටකයේ ප්‍රධාන චරිතයක් රඟ පෑ ASP ගේන්න උසාවියේ පිහිට පතයි

Hot News9 hours ago

ISIS සාමාජිකයෙක් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් පොලිස් දැලේ

Politics10 hours ago

“IMF නැතිව රට ගොඩනගනවා” යැයි කියන මෝඩ නායකයොත් අපේ රටේ ඉන්නවා – සජිත්

Hot News10 hours ago

මීගමුව ප්‍රදේශයේදී දියේ ගිලී සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Hot News10 hours ago

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ IMF සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම අද

Politics10 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News10 hours ago

අඩු ආදායම් ලාභීන්ට නොමිලේ බෙදන්න ගෙනා කුණු සහල් තොගයක් මාට්ටු

Hot News11 hours ago

මිනින්දෝරු, මාර්ග සංවර්ධන හා සරසවි අනධ්‍යන වැඩවර්ජන අඛණ්ඩව

Weather11 hours ago

වැස්ස ටිකක් අඩුවෙයි – සුළං වැඩිවෙයි

Sports11 hours ago

නවසීලන්තයට කඩුළු 9ක ජයක්

Sports12 hours ago

දකුණු අප්‍රිකාවට ලකුණු 1ක තියුණු ජයක්

Hot News23 hours ago

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Hot News23 hours ago

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි

Politics24 hours ago

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Sports2 hours ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News6 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics10 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 day ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 day ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 day ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News4 days ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports5 days ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News6 days ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics6 days ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics6 days ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports1 week ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics1 week ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment1 week ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News1 week ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News1 week ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News1 week ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics2 weeks ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News2 weeks ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News2 weeks ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Politics2 weeks ago

Watch : පීඩා විඳින ජනතාවට සහන සලස්වන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙයි

Uncategorized2 weeks ago

Watch : පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී හදිසියේම ගිනි ගනී

Hot News2 weeks ago

Watch : වර්ෂාවේ බලපෑම කළින්ම කියන නව තාක්ෂණය තවමත් ලංකාවට නැහැ ?

Hot News2 weeks ago

Watch : මහ ගංවතුර මැද්දේ මිනිස්සු එපා කියද්දී ගඟට පැනපු අකීකරු මිනිසා

Politics2 weeks ago

Watch : මහ වැසි නොතකා මාලිමාවේ කුරුණෑගල තරුණ සමුළුවට ලොකු සෙනඟක්

Hot News2 weeks ago

කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර්ට වැඩ වරදී

Hot News2 weeks ago

Watch : රූස්ස ගහක් පාරට කඩා වැටී කොළඹ – නුවර පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතී

Hot News2 weeks ago

Watch : උසස් පෙළ සිසුවා ජීවිතය හැරගියේ උසස් පෙළ ප්‍රතිඵලේ දෙපාරක් ආපු හින්දද ?

Politics2 weeks ago

Watch : දුර දිග නොබලා සිදු කළ කතාවට හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේම සමාව ගනී

Advertisement

Categories

Trending