Hot News

දේශපාලන සරණාගතයන් බිහිවන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය – නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර 

මේ වන විට ජාතික ජන බලවේගයත් සමග ජන බලවේගයත් හැරුණු කොට අනෙකුත් සියලුම දේශපාලන කණ්ඩායම් විශාල අර්බුදයකට මුහුණ දී සිටී. ඒ අතරින් විශාලතම ගැටලුවට මුහුණ පා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

කණ්ඩායම් තුනකට හෝ ඊට වඩා වැඩි ගණනකට බෙදී සිටින ශ්‍රී.ල.නි.පයේ අතීතයේ පැවති සියලුම අර්බුදයටයන්ට වඩා මෙම ගැටුමක් තීරණාත්මක බව පෙනී යයි.   

එවැනිම තත්ත්වයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළද ඇත. එය ජනාධිපතිවරයාට සහාය දක්වන්නේද නොමැති නම් ස්වාධීනව තරග කරන්නේද යන මතවාද මත කණ්ඩායම් දෙකකට බෙදී ඇත. මෙම තත්ත්වය නිර්මාණය කරනු ඇත්තේ තමන් හිටගන්නේ කුමන කණ්ඩායම සමගද යනුවෙන් නිශ්චිත තීරණයක් ගත නොහැකි දේශපාලනඥයන් රාශියකි. මේ තත්ත්වය බොහෝ දේශපාලනඥයන්ගේ දේශපාලන ගමන නිමා කිරීමටද හේතු වනු ඇත.

ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්වුවහොත් ජනාධිපතිවරණයකින් පසු පවත්වනු ලබන මහ මැතිවරණයකදී ප්‍රතිඵලය අනිවාර්යයෙන් ජයගන්නා අපේක්ෂකයා නියෝජනය කරන කණ්ඩායමට ඉතා වාසි සහගත වනු ඇත. ජනාධිපතිවරණය ජය ගන්නා අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවට පත්වී එම ජනාධිපතිවරණයෙන් පසු 1982 දී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සිදු කළාක්‌ මෙන් මැතිවරණ සිතියම හකුලමින් ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගතහොත් හැරෙන්නට බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවේන්ගේ ඉදිරි දේශපාලනය නිමා වනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙවැනි කණ්ඩායම් කල්ලි බෙදී යෑම එස් .ඩබ්.ඩී  බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව ආරම්භ විය. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ ඩබ්ලිව් දහනායක මහතා ඔහු බලයේ සිටි මාස හයක් පමණ වූ කෙටි කාලය තුළ කැබිනට් සංශෝධන රාශියක් සිදු කළේය.1956 දී මහජන එක්සත් පෙරමුනෙන් ගාල්ල ආසනයට තරඟ කරන ලද ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නැමැති පක්ෂය පිහිටුවා ගෙන 1960 මාර්තු මැතිවරණයට තරඟ කොට පරාජයට පත් විය. 1960 මාර්තු මස ආසන 101කට තරඟ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයන් අතුරේන් ජයග්‍රහණය කරනු ලැබුවේ අපේක්ෂකයන් හතර දෙනකු පමණි.1960 ජූලි මැතිවරණයේදී අපේක්ෂකයන් හය දෙනෙකු ඉදිරිපත් කොට දෙදෙනෙකු පමණක් ජයග්‍රහණය කරලීමට දහනායක මහතා සමත් විය.

කලින් මහජන එක්සත් පෙරමුණෙන් තරග කරන ලද එස් ඩී බණ්ඩාරනායක මහතා 1960 මැතිවරණයට ‘’බෝසත් බණ්ඩාරනායක පක්ෂය ‘’නැමැති පක්ෂය පිහිටුවා ගම්පහ අසුනට ඉදිරිපත් වී ජය ලැබීය.

බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු සී පී ද සිල්වා මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමි නොවීම ද 1964 නොවැම්බර් 26 දින පුවත්පත් මණ්ඩල පනතට එරෙහිව ඡන්දය ලබා දී එම රජය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙකු සමග කටයුතු කිරීමට ප්‍රධාන හේතුවක් විය. නමුත් මෙම මන්ත්‍රීවරු අතර සිටි මහානාම සමරවීර (මාතර ආසනය) පි.පි. වික්‍රමසූරිය (දෙවුනුවර ආසනය) වැනි මන්ත්‍රීවරුන්ට පවා නිතරග ගිවිසුමක් යටතේ එක්සත් ජාතික පාක්‍ෂය සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයෙන් තරග කළ ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

1952 සිට පැවති මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ලද සී පී ද සිල්වා මහතා ඔහු විසින් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය යන පක්ෂයෙන් තරග කොට 1965 මැතිවරණය ජය ගන්නා ලදී. නමුත් අපේක්ෂකයන් 32ක් ඉදිරිපත් කරන ලද එම පක්ෂයෙන් ජය ගන්නා ලද්දේ අපේක්ෂකයන් පස් දෙනකු පමණි.1952 සිට පැවති මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ලද සී පී ද සිල්වා මහතා ඔහු විසින් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය යන පක්ෂයෙන් තරග කොට 1965 මැතිවරණය ජය ගන්නා ලදී. නමුත් අපේක්ෂකයන් 32ක් ඉදිරිපත් කරන ලද එම පක්ෂයෙන් ජය ගන්නා ලද්දේ අපේක්ෂකයන් පස් දෙනකු පමණි.

1 සී පී ද සිල්වා – මින්නේරිය
2 ඩී ,එඩ්වින් තිලකරත්න – රත්ගම
3 විජයානන්ද දහනායක – ගාල්ල
4 එස්. බී  ලේනව – කැකිරාව
5 අශෝක කරුණාරත්න – රඹුක්කන

එම පස්දෙනා හැරුණු කොට පක්ෂ මාරු කරල ද බොහෝ දෙනෙකුගේ දේශපාලන ගමන එතැනින් නිම විය.

1977 මහ මැතිවරණයේදී ද නන්ද එල්ලාවල, ටී.බී සුභසිංහ, අමරසිරි දොඩංගොඩ ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායමක් සමගි පෙරමුණ ආණ්ඩුවෙන් 1975 දී වෙන් වූ සම සමාජ සහ කොමියුනිස්ට්‍ පක්ෂය සමඟ සන්ධානගතව වාමාංශික එක්සත් පෙරමුණ නමින් තරග කළ නමුත් එය අසාර්ථක ප්‍රයත්නයක් විය.

1977 මහ මැතිවරණ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට බෙදුණි. අනුර බණ්ඩාරනායක-න මෛත්‍රීපාල සේනානායක මහත්වරු එක් පිලකට නායකත්වය ලබාදුන් අතර ඒ වන විට වසර හතකට ප්‍රජා අයිතිය අහිමි වී සිටී සිරිමා බණ්ඩාරනායක මැතිනිය චන්ද්‍රිකා සහ විජය සමග අනිත් කණ්ඩායමට නායකත්වය සැපයීය. ගැටුම කොතරම් උග්‍ර වී ද යත් අවසානයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට වර්තමානයේ මෙන්ම සීල් තබන ලදී.1977 මහ මැතිවරණ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට බෙදුණි. අනුර බණ්ඩාරනායක-න මෛත්‍රීපාල සේනානායක මහත්වරු එක් පිලකට නායකත්වය ලබාදුන් අතර ඒ වන විට වසර හතකට ප්‍රජා අයිතිය අහිමි වී සිටී සිරිමා බණ්ඩාරනායක මැතිනිය චන්ද්‍රිකා සහ විජය සමග අනිත් කණ්ඩායමට නායකත්වය සැපයීය. ගැටුම කොතරම් උග්‍ර වී ද යත් අවසානයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට වර්තමානයේ මෙන්ම සීල් තබන ලදී.

1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා වන හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට උදව් නොකරන ප්‍රතිපත්තියක අනුර පිල සිටි අතර එය කොබ්බෑකඩුව මහතාගේ පරාජයට ප්‍රධාන හේතුවක් විය. මේ  විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම්වරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා 1982 ජනාධිපතිවරණයේ දී සහ 1982 පැවති ජනමත විචාරණයේ දී ද වේදිකාවට ගොඩ වී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරන ලද අතර පසුව අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ ලේකම්වරයකු ද විය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහමැතිවරණ දෙකට තරග කළ විජය කුමාරතුංග මහතා මහර අතුරු මැතිවරණය දැඩි ගැටුම්කාරී තත්ත්වයක් මත පරාජයට පත් වන්නේ ඡන්ද 45කිනි.1983දී ටී.බී ඉලංගරත්න, චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා ගන්නා ලද අතර මින්නේරිය අතුරු මැතිවරණයට ඔහු ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙනි. එම යුගයේ ලංකාවේ ජනප්‍රියම නළුවා වූ විජය කුමාරතුංග මහතාට මැතිවරණ දෙකකටම ඉදිරිපත් වී එකක්වත් ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැත. 

පක්ෂ මාරු කිරීම පිළිබඳ කතා කිරීමේදී අනුර බණ්ඩාරනායක මහතාගේ ක්‍රියාකලාපය අතිශයින් විවාද සම්පන්න ය. 1981 දී මව සමග ගැටුමක් ඇති කර ගත් අනුර, මෛත්‍රීපාල සේනානායක මහතා සමඟ එක්ව වීකල්ප කණ්ඩායමක් ලෙස ක්‍රියා කළේය. නැවත සිය සහෝදරිය මහජන පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වීම හා පළාත් සභා මැතිවරණ සඳහා ඇයට නාම යෝජනා ලබාදීම පිළිබඳව දැඩි විරෝධයක් දක්වා කණ්ඩායමක් සමග එක්සත් ජාතික පක්ෂයට 1993 දී එක් විය. ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා යටතේ උසස් අධ්‍යාපන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධුරය ඔහුට හිමි විය. ඔහු සමඟ එක්සත් ජාතික පක්ෂයට එක්වූ මන්ත්‍රී කණ්ඩායමට ජිනදාස නියතපාල, තිලක් කරුණාරත්න, ප්‍රදීප් හපන්ගම වැනි මන්ත්‍රීවරු ඇතුළත් විය. 1994 අගෝස්තු 16 දින පැවති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ලදී. මෙම කණ්ඩායමේ බොහෝ දෙනෙකු නැවත පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තේය. නමුත් ඔවුන්ට දීර්ඝ දේශපාලන ගමනක් අහිමි විය. නමුත් ම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දිගටම කටයුතු කරන ලදී,

මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරියාරච්චි 2007 පෙබරවාරි 11 දින අමාත්‍ය ධූරවලින් ඉවත් කරන ලද අතර එම සිදුවීමෙන් පසු දෙකකට පසු අනුර බණ්ඩාරනායක මහතා පමණක් නැවතත් ජාතික උරුම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

2007 දෙසැම්බර් 14 දින ඔහු නැවත විපක්ෂයේ අසුන් ගත්තේ ය. මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියාරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන පාර්ශවය නමින් එක්සත් ජාතික පක්ෂය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන ලදී.

නමුත් මෙම අතීත ගැටුම් වලට වඩා වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවී තිබෙන ගැටලුව වෙනස්ය. එක් පාර්ශවයක සිටින්නේ 2004 වසරේ සිට දිගටම අඛණ්ඩව අමාත්‍ය ධුර දැරූ පිරිසකි. නැතහොත් රජයේ නිල නිවාසවල අඛණ්ඩව දශක දෙකකට වැඩි කාලයක් රැඳී සිටින කණ්ඩායමකි. අනෙක් කණ්ඩායම් අතරද නිශ්චිතවම දේශපාලනකව එකම අරමුණක සිටි කණ්ඩායමක් සිටින්නේ ද යන්න සැක සහිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරයෙන් බැට කෑ පක්‍ෂයකි. ප්‍රතිපත්තියක් ලෙස ඔවුන් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කිරීමත් සමඟම ඔවුන් දේශපාලනික වශයෙන් ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමක් බවට පත් විය. මේ වන විට ජාතිකවාදී බලවේග ඇතුළු සියලු කණ්ඩායම් ඉදිරි මහ මැතිවරණයකදී ඡන්දදායකයා ඉදිරියේ තමන්ගේ ප්‍රතිඵලය කුමක් වේද යන්න පිළිබඳව ඉතා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරයෙන් බැට කෑ පක්‍ෂයකි. ප්‍රතිපත්තියක් ලෙස ඔවුන් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කිරීමත් සමඟම ඔවුන් දේශපාලනික වශයෙන් ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමක් බවට පත් විය. මේ වන විට ජාතිකවාදී බලවේග ඇතුළු සියලු කණ්ඩායම් ඉදිරි මහ මැතිවරණයකදී ඡන්දදායකයා ඉදිරියේ තමන්ගේ ප්‍රතිඵලය කුමක් වේද යන්න පිළිබඳව ඉතා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර – නිදහස් ලේඛක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version