නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත්, සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 20 – 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව සදහන්.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධ වී නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන්ද සිටියි.

අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here