හිමිකරු වෙත නිදහස් කළ නොහැකි නඩු භාණ්ඩ වෙන්දේසි කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
එම මුදල් නඩුවට අදාළ ගිණුමක තැන්පත් කර නඩුව අවසන් වූ පසු ඉදිරි පියවර ගන්නා බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ.
ඒ අනුව අදාළ නඩු භාණ්ඩය හිමි පුද්ගලයා නඩුව ජයග්‍රහණය කළහොත් ඔහුට හෝ ඇයට ද නඩුව පැරදුනහොත් අදාළ මුදල රාජසන්තක කිරීම ද සිදුවනු ඇති.
නඩු විභාගයන් සඳහා දිගු කලක් වැයවීම හේතුවෙන් බොහෝ නඩු භාණ්ඩ විනාශ වී යාම පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බව ද ඔහු සඳහන් කළේ ය.
ඊට අදාළ නීති කඩිනමින් සකස් කර කැබිනට් අනුමැතියට යොමු කිරීමට නියමතයි.