ඉන්දියාවේ, නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (02) පස්වරුවේ සිදුව තිබෙනවා. තානාපතිනිය, ජාතික ජන බලවේගයේ නායක අතර හමුව තිබුණේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී යි.
මෙම හමුව සඳහා නෝර්වේ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා වූ John Bjerkem, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව තිබුණා.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන තත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන්ව තිබෙනවා. ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද දෙපාර්ශවයේ අවධානය යොමු වූ බවයි කියන්නේ. නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට වෙත ප්‍රධානය කෙරෙන් ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන්ව තිබුණා. තමන් මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පසු සිදු කරනු ලබන පළමු හමුව මෙය බවද තානාපතිනි May-Elin Stener පවසා තිබෙනවා.