ශ්‍රී ලංකාවේ අභිනව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා මහතා 18 වෙනිදා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි නාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ප්‍රථමයෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ඒ මහතා ආශිර්වාද ලබාගත් අතර ඉන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිවරු දෙපොල බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඈත අතීතයේ පටන් පවතින අනෝන්‍ය බැඳීම තව තවත් වර්ධනය විය යුතු බව නාහිමිවරු මෙහිදී පැවසූහ.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා මහතා මෙහිදී සඳහන් කළේ ඉන්දියාව නිරතුරුවම ශ්‍රී ලංකාවෙ උන්නතිය උදෙසා සහයෝගය ලබා දෙන බවය. ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය එස්.අතීරා මෙනවිය හා මහ කොමසාරිස් බිරිඳ තනූජා ජා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(කමල් සුරවීර – මහනුවර)