Hot News
නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්.ආර්. අශෝක මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
එසේම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කේ.ඩී. සෙනෙවිරත්න මහත්මියගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ. තවද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සී.ආර්.බී. බෝගොල්ලාගම මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
එසේම සිංගප්පූරු වේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඩී.ඩී.එම්.එස්.බී. දිසානායක මහතාගේ පත්වීමටද, බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්ලිව්.කේ.සී. වීරසේන මහතාගේ පත්වීමටද, සී/ස ලංකා පෙහොර සමාගමේ සභාපතිවරයා ලෙස ආචාර්ය බී.කේ.ජේ.කේ. පෙරේරා මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ සඳහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, රිෂාඩ් බදියුදීන් සහ උදය ගම්මන්පිළ යන මහත්වරු සහභාගී වූහ.
Hot News
දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Hot News
කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක්ගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත් කොට නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර මෙම වැඩබිමේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙක් මතට 06 දින දහවල් 12 ට පමණ මෙම බැම්ම සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව සඳහන් වන අතර එම වැඩ බිමේ සේවයේ නිරතව සිටි අනෙක් පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් ගත කළද ඒ වන විටද අදාළ පුද්ගලයා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙසේ අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි රංජිත් අබේරත්න නම් පුද්ගලයෙක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුගන්නාව පොලිසිය පවසයි.
(කේ.එල්. සුරවීර මහනුවර)
Hot News
හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණ අතර ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔහුව නිදහස් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News1 day ago
දැරියකට කරදර කලේයැයි සැකපිට හිමි නමක සහ දෙමව්පියන් අත්අඩංගුවට