පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක නසාව් (Nassau) ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කර ඇති තණතීරු දෙක ම ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව ඇති ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා “පිළියමක්” යෙදීමට උත්සාහ කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේ අතිශය දුෂ්කර කඩුල්ලක් මත ක්‍රීඩා කිරීමෙන් දිනකට පසු ඊයේ (06) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සඳහන් කළේ, නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කළ තණතීරු අපට අවශ්‍ය තරම් ප්‍රමිතියක් පෙන්නුම් කර නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here