රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය පවසන්නේ, රඹුක්කන පොලීසියට ලද පණිවිඩයක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි.
මෘත ශරීරය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.