පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග නායකත්වය දරන බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

බාබර් මෙම වසර ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස් වූ දෙවැනි වතාව මෙයයි.

පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවතට වීසිවීමෙන් පසුව ද බාබර්ගේ නායකත්වයට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එහිදී ද ඔහු නායකත්වයෙන් ඉවත් වුණා.

නමුත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ඉල්ලීම මත යළිත් එම තනතුර භාරගත් බාබර් දැඩි කලකිරීමකින් නායකත්වය සමුදී ඇති බවයි වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here