මේ වන විට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට රණ්දෙණිය ප්‍රදේශයේ න් විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටීම ගමනාගමනයට බධා එල්ල වී තිබේ.

විශාල ගස්,ගල් සමසමගින් මෙම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති අතර එම නිසා මාර්ගයේ පැය භාගයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම බධා එල්ල විය.

මේ වන විට මාර්ගයෙන් පස් ඉවත් කර එක් මංතීරුවක් ගමනාගමනය සදහා විවෘත කර ඇති අතර අද රාත්‍රි කාලයේ සහ වර්ෂාපතනය සහිත අවස්ථා වලදී මෙම මාර්ගය භාවිතයට ගැනිමේ දී ප්‍රවේශම් වන ලෙස පොලිසිය රියදුරන් ගෙන් ඉල්ලීමක් කර සිටී.

(ජයන්ත වීරසේකර -වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here