නාරම්මල දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
මේ අතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු ඊයේ (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
පෙරේදා රාත්‍රියේ නාරම්මල නගරයේ දී ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක සිටි පුද්ගලයෙකුට අදාළ නිලධාරියා විසින් වෙඩි තබා තිබුණා.