

Politics
Watch : නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලියට වාර්ගික හෝ ආගමික පදනමක් නැහැ – සෙන්දිල්
නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන බවත්, එම කටයුතු කිසිවිටෙකත් වාර්ගික හා ආගමික පදනමින් සිදු නොකරන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවසීය.
එසේම නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පාර්ශ්වවලට එරෙහිව පොලිසිය විසින් නීතිමය පියවර ගනු ඇති බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා මෙසේද පැවසීය,
යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව නැගෙනහිර පළාතේ මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ක්‍රමක්‍රමයෙන් යළි එම ප්‍රදේශවල පදිංචි වීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික සහ කිරි ගොවීන් වෙනුවෙන් අදාළ ඉඩම් ලබාදීමට කටයුතු කළා.
මයිලත්තමඩු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේදී පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවලින් විශාල පිරිසක් ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා පිට දිස්ත්‍රික්කවල සිට පැමිණි ගොවීන්ට තාවකාලිකව දිරි දීමනා මුදලක් ලබාදීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.
අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශවල ජනතාව ද මේ ප්‍රදේශවල ඉක්මනින් පදිංචි කිරීම පිළිබඳව ද සොයා බලමින්තිබෙනවා. එසේම යුද්ධයට පෙර මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මහවැලි අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූලව කරගෙන යනු ලබනවා.
මීට අමතරව රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින අයගේ ඉඩම් පවරා ගනිමින් ඔවුන් රජයේ ඉඩම්වල නීත්‍යානුකූලව පදිංචි කිරීමට ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
ඒ සමඟම මහවැලි ව්‍යාපාරය සඳහා නැඟෙනහිර කෝරළයිපත්තු ප්‍රදේශයෙන් දෙමළ ජනතාව ද, නාවලඩි ප්‍රදේශයෙන් මුස්ලිම් ජනතාව ද ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ජාති ආගම් මත පදනම්ව නොවන බවත් අවධාරණය කළ යුතුයි. එම කටයුතු මුළුමණින්ම සිදු කරන්නේ නීත්‍යානුකූල ආකාරයටයි. එමෙන්ම ඉඩම් බෙදාදීමේ කටයුතු සිදුකෙරෙන්නේ ද ග්‍රාම සේවක නිලධාරීන් ලබාදෙන දත්ත පදනම් කරගෙනයි.
එම සියලු කරුණු සැලකිල්ලට ගෙන සියලුම ජනවර්ග සඳහා ශ්‍රී ලාංකිකයෙකු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එම නිසා නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව තෙවැනි පාර්ශ්වයන් අනවශ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ නොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
Politics
Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Politics
2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.
Politics
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි