ඊයේ දින (04) දහවල් 01.45 පමණ සීදුව පොලිස් වසමේ බේස් ලයින් පාරේ අංක 5 මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ තියුණු ආයුධයකින් කපා කොටා නිදියහනේම අභිරහස් ලෙස ඝාතනය කර තිබූ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 43 වන එක්දරු මවක් වන අතර ඇයගේ මුහුණු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇත.

මෙම කාන්තාව වෙළඳ කලාපයට අනුයුක්තව මෑන් පවර් ආයතන වලට සම්බන්ධ වී රැකියාවේ නියුතු වී සිටින කාන්තාවක් වන අතර මේ වන විට ඝාතකයා සොයා සීදුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සීදුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර මහතා අප කළ විමසීමකදී පවසයි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අතුරුදහන් ඇතිවී බවත් ඔහු සොයා සීදූව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here