නිමාවූ 2024 LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිරෝශන් දික්වැල්ල පසුගිය අගෝස්තු 23 වැනිදා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සඳහා ජාතික ක්‍රීඩා විනය කමිටුවට කැඳවූවා.
එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට නිරෝශන් දික්වැල්ල පිළිගෙන තිබුණා.
එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට හිමිවන දඬුවම් අද (29) දැනුම්දී තිබෙනවා.
ඒ අනුව නිරෝශන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් ආකෘති සඳහා වසර 03 ක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.