මුලතිව්,පුදුකුඩිඉරිප්පු,ඉරනපලෙයි ප්රදේශයේ පදිංචි උසස්පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් වු පාසල් සිසුවියක් ඊයේ(12) ජිවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ වයස අවුරුදු 18 ක් වු උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටි දැරියක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
අදාළ දැරිය සිය නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ සියදිවි නසාගෙන ඇති බව මුලික විමර්ශනයන්ගෙන් අනාවරණය වි ඇති බව පොලිසිය පැවසීය.
අසල්වාසීන් විසින් දැරිය සම්බන්ධයෙන් විමසා බැලු අවස්ථාවේ දැරිය සියදිවි නසාගෙන ඇති බව දැක ඇති අතර, අනතුරුව දැරිය පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කොට තිබිණ.
දැරිය රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති බව අනාවරණය වි ඇති අතර, දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)