ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යන්න හොඳම රට ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසනවා.

මුම්බායි නුවර ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක් වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. ජයිශංකර් මහතා,

”මම දෙන්නම් උපදෙසක්. මීළඟ වතාවේ ඔබ නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනවා නම්, යන්න ශ්‍රී ලංකාවට. ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරකවලට උපන් හපන්නු. නිවාඩුවකට යනවා නම්, ශ්‍රී ලංකාව තරම් ඊට ගැලපෙන තැනක් වෙන නැහැ. ශ්‍රී ලාංකිකයන් ඉන්දිය අප ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා. ඒ දේවල් ඔබට අසන්න ලැබුණොත්, ඉන්දියානුවකු ලෙස ඔබට ලොකු ආඩම්බරයක් දැනෙනු නිසැකයි” යැයි ආචාර්ය එස්. ජයිශංකර් දේශනය අතරතුරේ පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම අසල්වැසියා බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ සැමවිටම ශක්තිමත් මිත්‍රත්වයක් පැවැතිය යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here