නිදන් ලබාගැනීම සඳහා හක්මන නරවැල්පිට උතුර ප්‍රදේශයේ කැණීම් කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු සහ එ සදහා යොදාගත් උපකරණ තොගයක් (09) දින පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව හක්මන පොලීසිය පවසයි.

හක්මණ පොලිස් වසමේ නරවැල්පිට උතුර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් සෙවිම සදහා කැණීම් කරන බවට හක්මණ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව හක්මණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.

එහිදි යුද හමුදා සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු සහ කැණීම් කටයුතු සඳහා යොදාගත් අලවංගුවත් වතුර මෝටරයක් ප්ලාස්ටික් භාජන දෙකක් ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. නරවැල්පිට උතුර දුරගේ වත්ත යන ස්ථානයේ ලිදක් කපන මුවාවෙන් නිදන් හාරන බවට ලද තොරතුකට අනුව සිදුකළ වැටලීමේදී සැකකරුවන් විසින් අඩි විසි පහක් (25 ) පමණ ගැඹුරු වලක් හාරා ඇති බවට නීරික්ෂණය වී තිබේ.

ලිදට දැමිමට බවට හැඟවීම සඳහා සිලින්ඩර හතරකුත් එම ස්ථානයට රැගෙන විත් තිබූ අතර වැටලීම සදහා ගිය නිලධාරින්ට ඇතිවූ සැකය හේතුවෙන් හාරා තිබු වලෙහි ජලය ඉවත් කොට පරීක්ෂා කිරීමේදී වලෙහි පතුලේ සිට අඩි පහලොක් පමන දිග අඩි තුනකට වැඩි බිංගෙයක ආකාරයේ දෝනාවක් නිරික්ෂනය වි තිබිණි .

එම දෝනාව අසල පිහිටි ගල් තුනක් ඇති ස්ථානය දෙසට කැණීම් සිදුකර තිබූ බව පොලිසිය පවසයි.

මෙයට පෙර අවස්ථාවකදී ද එම ස්ථානය අසල ලිදක් කපා වසා දමා ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සතිඅන්ත නිවාඩු ලබා පැමිණ සිටින යුධ හමුදා සමාජිකයෙකුද සිටින බව විමර්ශනවලදි අනාවරණය වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.පී.ඒ. සනත් කුමාර මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 75363 සම්පත් පොලිස් කොස්තාපල්වරුන් වන76909 ශ්‍රීයාන් 96510 දර්ශණ 97648 ප්‍රනාන්දු 29538 මධුෂංක 15401 සංජීව යන මහත්වරු වැටලීම සිදුකළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here