දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.

එහිදී තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බවයි එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ.

ඒ අනුව එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත් කෙරිණි.

එම එක් බිළිඳකු විකුණා ඇත්තේ රුපියල් 25,000ක මුදලකටයි.

නඩුව ජනවාරි 12 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here