දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ නිවසකට පැන ලක්ෂ විසි හයකට අධික රන් භාණ්ඩ සහ මුදල් රැගෙන ගිය ගුවන් හමුදාවේ සේවය කරපු වයස අවුරුදු 50 ක සංජීව පියසාන්ත නමැති පුද්ගලයෙක් කලගෙඩි හේන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටියදී දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු තදින්ම අයිස් මත්ද්‍රව්වට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් බවත් හා සූදුව සඳහා යොමු වී ඇති බව මොහු පොලිසියේ පාපොච්චාරණය කර ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා පවසයි.
මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු ප්‍රදේශ කිහිපයක නිවාස 50 ට පමණ පැන මුදල් හෝ රන් භාණ්ඩ කොල්ලකා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරු සොරාගත් රන් භාණ්ඩ සහ මුදල් සොයාගැනීමට හැකි වී නොමැති බව පොලිසිය පැවසූ අතර එම සොරාගන්නා රන් භාණ්ඩ සහ මුදල් විකුණා අයිස් මත්ද්‍රව්‍යයට සහ සූදුවට පාවිච්චි කර ඇති බව සැකකරු පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024-03-19 මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කර ඇත.
මිනුවන්ගොඩ දමිත් තිසර