නීති විරෝධී මත් කරල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කලාපය බාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී.එස්. කුලතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පුල්මුඩේ පොලිස් වසමේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී මත් කරල් 1,229 ක් සන්තකයේ තබාගෙන සිටි පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here