WHATSAPP හරහා පණිවිඩ හා ලබාගත යුතු ස්ථාන හුවමාරු කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ මත්කුඩු ගෙන්වාගෙන නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෙදා හැරපු නුවරඑළිය බොරලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක ත්‍රී රෝද රථ රියදුරකු (28) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය සමත් වූ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
රට පුරා දිනෙන් දින ජනාදරයට පත්වෙමින් ක්‍රියාත්මක වන යුක්තියේ මෙහෙයුම ක්‍රියාන්විතයට සමගාමීව මේ දිනවල සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුමකදී ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ,
වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අලෙවි කිරීමෙන් පසු ඉතිරිව තිබූ බවට සැකකරන ග්‍රෑම් පහයි මිලි ගෑම් සියයක මත්කුඩු ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ,
ඔහුගේ දුරකතන දත්ත පරිශීලනය කිරීමේදී දිගු කාලයක් තිස්සේ මෙම මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත් පුද්ගලයන් කිහිප දෙනෙකු හරහා නුවරඑළිය ආසන්න ප්‍රදේශයන් කිහිපයකට ඉතාමත් සූක්ෂම ලෙස බෙදා හැර ඇති බවදට කරුණු අනාවරණය වූ බවත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අනාවරණය කරයි ,
නුවරඑළිය දිසාභාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන මහතාගේ හා නියෝජ්‍ය පොලිස් අධිකාරී සමන් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි නුවරඑළියේ මූනස්ථාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ ප්රාධානත්වයෙන් , උප පොලිස් පරීක්ෂක චාමර , පොලිස් සැරයන් 31643 රත්නයාක , පොලිස් කොස්තාපල් 104444 ගමගේ , කානතා පොලිස් කොස්තාපල් 13399 එරංගිකා යන නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර ඇත ,
සැකකරු අද (29) දින අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබා ගනිමින් ඔහුට බත් කුඩු සැපයූ අය පිළිබඳව හා මත්කුඩු බෙදාහැරීමේ ජාලය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරන බවත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය .
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)