නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දිනෙන් දින ඉතිහාසගත වැඩිම මිළ වාර්තා වන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද ව්‍යාපාරික මහතතුන් පවසයි .
ඔහුන් මේ බව කියා සිටියේ (16) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වැඩිවන එළවළු මිල පිළිබඳව අප කල විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.
වැඩිදුර අදහස් දැක්වූ ගොවි මතතුන් මෙසේද කීය.
අද කැරට් වල තොග මිළ කිලෝව රුපියල් 1700 යි. ගෝවා කිලෝවක් රුපියල් 650 – 700.ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 450. අනිත් එළවලුත් ඒ විදිහමයි.
මෙච්චර ලිකු තොග මිලකට අරං අපිට සිල්ලර වුකුනන්න අමාරුයි.
පාරිභෝගිකයන් එන්නෙ නෑ.
පාරිභෝගිකයන් හොයන්නේ හොද එළවළු ඒත් වර්තමාන එළවළු ප්‍රමිතියකින් තොරයි.
මේවා අපි විකුනන්නේ රුපියල් 70-100 අතර ලාබයක් තියාගෙන.
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)