අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් අද දින නුවරඑළිය පොලිස් ස්ථානය අසල විරෝධතාවයක නිරත වී තිබෙනවා. මෙම විරෝධතාවය හේතුවෙන් අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි පවා නුවරඑළියට ගෙන්වා තිබුණා.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් නුවරඑළිය, පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා සිය ආධාරකරුවන් පිරිසක් සමග ගොස් එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබූ අතර, එම අවස්ථාවේ වීඩියෝවක් ද බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.
කෙසේ වෙතත්, එම සිදුවීමට එරෙහිව එම වතුයායේ පාලනාධිකාරිය විසින් අද නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විරෝධතාවයේ නියැලුණා.
සාකච්ඡා ප්‍රතික්ෂේප කළ නමුත් ඉන් අනතුරුව අමාත්‍යවරයා පොලීසිය තුළට ගොස් උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර පිටතට පැමිණ තිබුණා. පසුව, ආධාරකරුවන් හමුවේ ඔහු කියා සිටියේ වතු පාලනාධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කරගැනීමට එකඟතාවය පළ කළ බවයි.
නමුත් නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙක් අප වාර්තාකරු සමඟ සඳහන් කර ඇත්තේ, කිසිවෙකු ‘පැමිණිල්ල’ ඉල්ලා අස් කර නොගත් බවයි.