නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන හෝටලයක (31) දහවල් මුළුතැන්ගෙයි ප්‍රදේශයේ ඇතිවූ ගින්නෙන් මුළුතැන්ගේ ප්‍රදේශය මුළුමනින්ම විනාශ වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

නුවරඑළි නගර මධ්‍යයේ ප්‍රධාන වීඩියේ ප්‍රධාන හෝටලයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව ගෑස් කන්දු වීමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කර ගැනීමට හැකිවූ බවද නුවරඑළිය පොලිසියේ වැඩිදුරටත් සටහන් කරයි. 

ගින්න ඇතිවී විනාඩි කිහිපයක් තුළ නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් ගින්න මැඩ පැවැත්වා ගැනීමට හැකිවූ බවක් නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානි වී නොමැති අතර දේපළ හානි පමණක් සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කරයි.

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here