වවුනියාව,නෙඩුන්කේනි,කීරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවසක තිබි  ඊයේ(02) සවස කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් සොයාගත් බව නෙඩුන්කේනි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ තිදරු පියෙකු වු 47 හැවිරිදි වේදනායගම් ලෝගනාදන් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස හමුවු බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල කිහිපයක් දැක ගැනීමට හැකි අතර,මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලිසිය සඳහන් කළහ.

ලෝගනාදන් පරමේශ්වරී නැමති 37 හැවිරිදි මියගිය පුද්ගලයාගේ බිරිඳද කිසියම් විෂ සහිත පානයක් පානය කොට  අසළ නිවසක වැටී සිටියදී සොයාගත් බවද පොලිසිය පැවසීය.

අනතුරුව අදාළ කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කළ බවත්,එහිදි කාන්තාව ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසූහ.

ප්‍රදේශවාසීන් පැවසූවේ පැවසූවේ අදාළ ස්වාමිපුරුෂයා හා බිරිඳ කලක් වෙන්ව ජිවත්ව ඇති අතර, කිසියම් ගැටළුවක් මත බිරිඳ විසින් ස්වාමිපුරුෂයා කපා ඝාතනය කොට, අදාළ කාන්තාවත් වස පානය කොට මියගොස් ඇති බවට ආරංචියක් පවතින බවයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකිරීමට නියමිතය. 

සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here