2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399 ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 104ක සහ ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 106ක් ලබාගත්තේය.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස මැක්ස්වෙල් ගේ ඉනිම ඉතිහාසගත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here