පසුගිය සිකුරාදා (08) නෙළුම් කුළුණේ අවහන්හලක පැවැති DJ සාදයකට සහභාගී වූ තරුණියක් සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සාදය අතරතුර ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මොවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණියක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම මරණවලට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සාදය අතරතුර දී මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍යයක් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.