නේපාලයේ Tanahun දිස්ත්‍රික්කයේ බස් රථයක් ගඟට පෙරළීමෙන් සිදු වූ දරුණු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මගීන් 43ක් රැගත් බස් රථයක් ඊයේ (23) දින නේපාලයේ ටනාහුන් දිස්ත්‍රික්කයේ අයිනපහාරා ප්‍රදේශයේ දී මර්සියන්ඩි ගඟට පෙරළියමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරට ලක්වූ බස් රථයේ ඉනිදියනු වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් සිට ඇති බවයි.
බස් රථය Pokhara සිට Kathmandu බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුරින් මියගිය ඉන්දීය ජාතිකයින් 41 දෙනාගේ මළ සිරුරුවලින් 24 දෙනෙකුගේ සිරුරු හෙට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් නාෂික් වෙත රැගෙන ඒමට නියමිත අතර, අනතුරුව දේහයන් ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට නියමිතයි.