Connect with us

Hot News

නොවටිනා ක්‍රීඩකයන්ට බරට ලංසු දුන් LPL පිටියේ බුකී ගේම පත්තු වුණු හැටි

ශ්‍රී ලංකාවේ කීර්තිනාමයත්, ක්‍රිකට් ක්‍රීඩාවත් විනාශ කරමින් ශ්‍රී ලංකා භූමිය තරග පාවාදීමේ සහ නීති විරෝධී ඔට්ටුකරුවන්ගේ පාරාදීසයක් කර ගැනීමට මෙරටට පැමිණි විදේශීය ජාවාරම්කරුවකු ඊයේ පෙරේදා අත්අඩංගුවට පත් විය. එළැඹෙන එල්පීඑල් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවකු බව කියන මේ ජාවාරම්කරුවා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙකි. බංග්ලාදේශයේ ඉහළම මට්ටමේ දේශපාලනඥයන් ඇසුරු කරන, බ්‍රිතාන්‍යයේ ප්‍රභූවරුන් සමඟ සමීපව කටයුතු කරන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු බවට පෙනී සිටි බව කියන මේ ජාවාරම්කරුවා කොටු කර ගනු ලැබුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

එය මෑත කාලයේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා තිප්පොළක් කර ගැනීමට උත්සාහ කළ විදේශීය ජාවාරම්කරුවකු කොටු කරගත් පළමු අවස්ථාව නොවූව ද, එය වැඩි කතාබහට ලක්වන්නේ එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියෙන් පැය 24ක් ඇතුළත ඔහු අත්අඩංගුවට පත්වීම හේතුවෙනි. එය ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ කාර්යක්ෂමභාවය ඉස්මතු කළ සිදුවීමකි. එපමණක් නොව අතිශය රහසිගත සහ විශ්වාසනීය තහවුරු කළ හැකි සියලු සාක්ෂි සාධක කඩිනමින් අදාළ නිලධාරීන් අතට පත් කිරීමට යම්කිසි පැමිණිලිකාර පාර්ශ්වයක විසින් සිදු කරනු ලැබූ ජාතික වගකීමකි.

එල්පීඑල් තරග පාවාදීමට ක්‍රීඩකයන්ට යෝජනා කිරීමේ චෝදනාව මත ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙවර තරගාවලියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු බව කියන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ටමීම් රහ්මාන් නමැති පුද්ගලයෙකි. ඔහු පිළිබඳ ඊට පෙර දින අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් තහනම් නියෝගයක් ලබා ගත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට සූදානම්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් සිටියදීය. එම චෝදනාව සම්බන්ධව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනත යටතේ බවත්, විමර්ශන කටයුතු මෙතෙක් නිමාවට පත්වී නැති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු එම කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා සැකකරු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.

අධිකරණයට වාර්තා කළ කරුණුවලට අනුව අදාළ පුද්ගලයා පසුගිය අප්‍රේල් මාසයේ එක්තරා දිනයක මෙහි පැමිණිලිකරුට දුරකතන ඇමතුමක් ලබා දී පැයකට අධික කාලයක් දුරකතන සංවාදයේ නිරතව සිට ඇත. එහිදී අදාළ සැකකරු විසින් 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතේ 5,6 සහ 8 වගන්ති යටතේ වැරදි සිදුකර ඇතැයි වැඩිදුරටත් කරුණු වාර්තා වී තිබිණි. එමෙන්ම ඔහු සිය අවශ්‍යතාව මත කණ්ඩායමට විවිධ පුද්ගලයන් ඇතුළත් කර ගන්නා බවට ද, තරග පාවාදීම සඳහා එවැනි ක්‍රියාවක නිරතවන බවට ද පැහැදිලි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ උදාර කරුණාතිලක මහතා අධීකරණයට කරුණු වාර්තා කර තිබිණි. සැකකරුගේ ජංගම දුරකතන සියල්ල ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම 2023 අංක 10 දරන අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව නඩුවේ ගොනුව තාවකාලිකව සේප්පු ගත කිරීමට නියෝග නිකුත් කරන්නැයි රජයේ නීතිඥවරයා කළ ඉල්ලීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

ලොව පුරා විවිධ රටවල පවත්වනු ලබන ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් තරගාවලි රැසක මුදලට තරග පාවාදීම් සහ නීති විරෝධී ඔට්ටු තැබීම අසීමිතව සිදුවන බවට වාර්තා වූව ද, එය ශ්‍රී ලංකාවට වැදගත් කාරණා නොවේ. වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් ක්ෂේත්‍රයේ එවැනි ජාවාරම්කරුවන්ගෙන් රැක ගැනීමය. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමය. ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත ස්ථාපිත වී ඇත්තේ ඒ වෙනුවෙනි. සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ එම පනතේ 5 වැනි වගන්තිය යටතේ ඇති යම් ක්‍රීඩාවක හෝ ක්‍රීඩා ඉසව්වක ප්‍රතිඵලය, ප්‍රගතියට, පැවැත්මට හෝ වෙනත් යම් අංගයකට බලපෑම් එල්ල කිරීම සඳහා මුදල් හෝ වෙනත් ත්‍යාග හෝ ප්‍රතිලාභ අයැදීම හෝ පිළිගැනීම හෝ පිරිනැමීම යටතේය. එමෙන්ම එහි 6 වැනි වගන්තියට අනුව වංක ලෙස හෝ වංචනික ලෙස ස්වකීය වාසිය පිණිස හෝ වෙනත් තැනැත්තකුගේ වාසිය පිණිස ක්‍රීඩාව පාලනය කිරීමට යම් තැනැත්තකු පෙලඹවීමය. අටවැනි වගන්තියට අනුව අනුබල දීම, යම් වරදක් සිදු කිරීමට ආධාර දීම, ඒ සඳහා ක්‍රීඩාවට සම්බන්ධ තැනැත්තකු වෙත ප්‍රවේශ වීම හෝ පහසුකම් සැලසීමය.

ලොව පුරා පවත්වනු ලබන ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් සම්බන්ධව ක්‍රීඩාලෝලීන් කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්ව අතර ඇත්තේ දැඩි සැකයකි. අසීමිත අප්‍රසාදයකි. මීට මාස දෙකකට පමණ පෙර මේ ලියුම්කරු සමඟ ඉතාලියේ සිට සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඉතාලි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කැලුම් පෙරේරාට ඇත්තේ ද එවැනිම අදහසකි. ඔහු කියා සිටියේ ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් යනු පිරිසුදු මුදල්දැයි ඔහුට විශ්වාසයක් නැති බවය. ලොව පුරා ක්‍රීඩාව හරහා කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවත්, ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ද ඊට ගොදුරු වී ඇති බවත් ඔහු කීවේය. ඒ සඳහා ඔහු උදාහරණ ගණනාවක්ම ගෙනහැර පෑවේය. ශ්‍රී ලංකාවේ එල්පීඑල් තරගාවලියේ සිදුවන්නට ගියේ ද එවැනිම ආකාරයේ ක්‍රියාදාමයකි. විදේශ විනිමය මෙරටට ගලා ඒමට එවැනි තරගාවලි අතිශය වැදගත් සාධක වූව ද, නීති විරෝධී ක්‍රියාකාරකම් හරහා වෙනත් අකටයුතුකම් සිදුවන්නේ නම් එය ක්‍රීඩාවට පමණක් නොව ක්‍රීඩකයන්ට ද සිදු වන බලවත් හානියකි. ශ්‍රී ලංකාවේ කීර්තිනාමය විනාශ වීමකි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව එවැනි අකටයුතුකම්වලින් දූෂණය කිරීමට උත්සාහ කිරීමේ අවස්ථා ගණනාවක් මෑත කාලයේදී වාර්තා වී තිබිණි. එවැනි අකටයුතුකම් ශ්‍රී ලංකාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ යැයි කියමින් අසල්වැසි ඉන්දියාවේ පවා සිදුවී තිබිණි. බදුල්ලේ යැයි කියමින් ඉන්දියාවේ මොහාලි නුවර එක්තරා ග්‍රාමීය පළාතක සාමාන්‍ය පිට්ටනියක පැවැත්වෙමින් තිබූ හොර ක්‍රිකට් තරගාවලියක් මීට වසර කිහිපයකට පෙර හෙළි කර ගැනීමට මොහාලි පොලිසිය සමත් වී තිබිණි. එමෙන්ම බදුල්ල නගරය කේන්ද්‍ර කරමින් ඌව පළාත් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ තරගාවලියක් බව කියමින් එවැනිම තරගාවලියක් මොහාලි නුවරම කිලෝමීටර් 16ක් දුරින් පිහිටි සවාරා නමැති ගම්මානයක පවත්වා තිබිණි. පොලිසිය ක්‍රීඩාංගණය වැටලූ අවස්ථාවේදී මොනරාගල හෝනට්ස්, යුනිලයන්ස් මහියංගණය, බදුල්ල සී ඊගලස් සහ වැල්ලවාය වයිපර්ස් නමින් ව්‍යාජ කණ්ඩායම් හතරක් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි බව ද වාර්තා විය. එහි තරග කාලසටහනක් ද බුකීකරුවන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර, ඔට්ටු තැබීම සිදුවූයේ ද අන්තර්ජාලය හරහාය. සැබැවින්ම ඊට කිසිදු දේශීය ක්‍රීඩකයකු සහභාගි වූයේ නැත. ඌව විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නමින් එම තරගාවලිය අදාළ ස්ථානයේ පැවැත්වෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව ද වාර්තා විය.

පසුගිය මාසයේ පල්ලෙකැලේ පැවැති ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය ද එවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් රැසකට මුල් වූ තරගාවලියක් බවට පත් වී තිබිණි. ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට පත් වූ විදේශිකයන් දෙදෙනෙකි. ඔවුන්ට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ අධිකරණයේ නඩුවක් ද ගොනු වී තිබේ. එම අකටයුතුකම හෙළි නොවූයේ නම් එම තරගාවලියේ සිට තවත් මාස එකහමාරක කාලයක් තුළ තවත් එවැනිම තරගාවලි දෙකක් දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තිබූ බව විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එම තරගාවලි ද්විත්වය දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ බවත්, පල්ලේකැලේ තරගාවලියේ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධව සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමත් සමඟ එම තරගාවලි කල්දමා තිබූ බවත් විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එම තරගාවලි අත්හිටුවා ඇත්තේ එල්පීඑල් තරගාවලිය හේතුවෙන් මාධ්‍ය අනුග්‍රාහකයන් දින සංශෝධනය කරන ලෙස කළ ඉල්ලීමකට අනුව බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එහෙත් සැබැවින්ම එම තරගාවලි කල් දමා නොව අවලංගු කර ඇති බවට ද, එසේ සිදු කර ඇත්තේ තරග පාවාදීමේ චෝදනාවට විදේශ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට පත්වීම හේතුවෙන් බවට ද විශේෂ විමර්ශන ඒකකය අනුමාන කර ඇතැයි ද වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි අකටයුතුකම් සඳහා ශ්‍රී ලංකා භූමිය අවභාවිත කිරීමෙන් වළක්වා ගැනීමට ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැඩි උත්සාහක නිරත වූව ද, එම අකටයුතුකම්වල මහ මොළකරු අන් කිසිවකු හෝ නොව ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයකු බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. එම ක්‍රීඩකයා මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටිය ද ක්‍රීඩාවේ පරිපාලනයට එක්වී සිටින පුද්ගලයකු බවත්, ඔහුට මීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් ද පනවා තිබූ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කළේය.

එම අකටයුතුකම් හෙළි කර ගැනීමට සහ වැළැක්වීමට ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ලැබෙන විශ්වාස කටයුතු තොරතුරු මූලාශ්‍ර සහ පැමිණිලිකරුවන් ආරක්ෂා කිරීමට එහි නිලධාරීන් දැඩි වගකීමකින් යුතුව කටයුතු කළද, ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් වැඩි වගකීමක් යම්කිසි පාර්ශ්වයක් විසින් දැරිය යුතුව තිබේ.

තොරතුරු ලබා දෙන මූලාශ්‍රය සඳහා ත්‍යාග පිරිනැමීම සම්බන්ධයෙන් ද ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විධිවිධාන පනත යටතේ කරුණු ඇතුළත් වී ඇති අතර, එම වගකීම භාර වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතය. එම අරමුදල තුළින් තොරතුරු මූලාශ්‍ර වෙත මුදල් ත්‍යාග පිරිනැමීම සිදුවන්නේ නම් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඔවුන් තවදුරටත් දිරිගැන්වෙනු ඇත. අනිත් අතට එල්පීඑල් වැනි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආර්ථිකයක් සඳහා වැදගත් සාධකයක් වන තරගාවලියක් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි වගකීමක් දරන්නේ නම් එය ක්‍රීඩාවේ පැවැත්මට සුබදායක වනු ඇතැයි ද පාර්ශ්ව රැසක් විශ්වාසය පළ කර තිබේ. විශේෂයෙන් එල්පීඑල් තරගාවලියේ හිමිකරුවන් ලෙස ඩුබායි කේන්ද්‍ර කරගත් අයිපීජී සමාගම කටයුතු කරන බවත්, කණ්ඩායම් හිමිකරුවන් තෝරා ගැනීම සහ ඔවුන්ට කණ්ඩායම් අලෙවි කිරීම එම සමාගමේ කාර්යභාරයක් බව සඳහන් වූව ද, ශ්‍රී ලංකාවට අදාළ තරගාවලියක් බැවින් එම කණ්ඩායම් වෙනුවෙන් කළමනාකරුවන් යෙදවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය යටතේ සිදුවිය යුතු බවට කොන්දේසි ඇතුළත් කරන්නේ නම් එය එල්පීඑල් තරගාවලිය විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීමට සහ ක්‍රීඩාවේ ගුණාත්මකභාවය රැකගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කරගැනීමට ඉවහල් වනු ඇතැයි බොහෝ පාර්ශ්ව යෝජනා කරති. කෙටියෙන් කියන්නේ නම් අදාළ කණ්ඩායම්වලට කළමනාකරුවන් පත් කළ යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය යටතේ බවට වගන්තියක් පැනැවිය යුතු බවය. එය ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමය රැක ගැනීමට ද වැදගත් සාධකයක් වනු ඇතැයි ද පාර්ශ්ව රැසක් සඳහන් කරති.

එල්පීඑල් තරග පාවාදීමේ අකටයුතුකම් වැළැක්වීමට විශේෂ විමර්ශන ඒකකය ගන්නා උත්සාහය බංග්ලාදේශ ජාවාරම්කරු කොටු කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවන මෙහෙයුමක් බව ද වාර්තා වේ. එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසිගත වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් විසින් එක් එක් මිල ගණන් යටතේ අත්කරගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳවත් ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගියදා පැවැති එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් හිමිකරුවන් ඇතැම් ක්‍රීඩකයන් ඉහළ මිලකට මිලදී ගැනීම යම්කිසි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කොටසක් දැයි විශේෂ විමර්ශන ඒකකයට සැක පහළ වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එක්තරා කණ්ඩායම් හිමිකරුවකු විසින් මෙරට විශ්‍රාම ගිය ක්‍රීඩකයකු අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලකට මිලදී ගැනීම හේතුවෙන් එම සැකය මතු වී ඇති අතර, මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී මෙරටට ගලා එන විදේශ විනිමය නැවත වංචා මාර්ගික ක්‍රමවේදයක් යටතේ විදෙස් රටවල ගිණුම්වලට බැර වන්නේදැයි ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය දැඩි සෝදිසියෙන් පසුවන බව ද ආරංචි මාර්ග පැවැසීය. එමෙන්ම ඇතැම් ක්‍රීඩකයන් වෙන්දේසියේදී මිල දී ගැනීම පසුපස කොමිස් මුදල් අත්කර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි විශේෂ විමර්ශන ඒකකය නිරීක්ෂණය කරමින් සිටින බව ද වාර්තා වේ. අවශ්‍යතාව මත ඉදිරියේදී තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට ද විශේෂ විමර්ශන ඒකකය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවැනි අකටයුතුකම් වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ගන්නා උත්සාහය පැසසුමට ලක්විය යුතු වුවද, එල්පීඑල් තරගාවලිය දූෂිත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ ජාවාරම්කරු කොටු කර ගැනීමේ මෙහෙයුමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ වගකිවයුතු නිලධාරින්ගෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

(ෆවුස් මොහොමඩ් සහ නිමන්ති රණසිංහ)

(උපුටා ගැනීම – සිළුමිණ වෙබ් අඩවියෙන් )

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

කසිප්පු පෙරනවා කියලා පොලිසියට ඔත්තු දුන්න නිසා දෙදරු පියාව අවසන් ගමන් යවලා

කසිප්පු පෙරන බව පොලීසියට තොරතුරු දුන් බවට සැකකර දරු පියෙකුගේ ඝාතනය කර වල දමා තිබිය දී මිද්දෙණිය පොලිසිය සොයා ගෙන තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක් ව ඇත්තේ, හෙට්ටිගේ කීර්තිරත්න (44) නමැති තලාව,කොටපොල ගෙදර පදිංචි දෙදරු පියෙකි.

පොලිසියට ලද තොරතුරු අනුව සිද්ධියට අදාළව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකපිට කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

තිදරු පියා මැයි 31 වන දින සවස සූරියවැව ප්‍රදේශයට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් ඔහුගේ නිවසට නුදුරුව පිහිටි දමනිය වැව අසල මාර්ගයේ රැඳී සිට ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු සොයා බැලීමට බිරිඳ සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොදක්වා ඇත.

ඊට දින කිහිපයකට පසුවද සිය සැමියා නිවසට නොපැමිණීම පිළිබඳව ඇය  පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

ඝාතනයට ලක් වූ තිදරු පියාගේ සහෝදරයකු සහ ඔහුගේ මිත්‍රයකු පොල් ඇහිදීම සදහා නිවස ආසන්නයේ පිහිටි කැලෑබද පොල් වත්තකට ගොස් ඇත.

එහිදී ඔවුන් සැරිසරන ස්ථානයේ කුණු ගඳක් වහනය වීම නිසා ඔවුන් විසින් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී කමිසයක කැබලි මතුවී ඇති අතර මේ පිළිබඳව ඔවුන් පොලිසියට දැනුම් දී ඇත.

ඒ අනුව මිද්දෙණිය පොලිසිය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරී ද කැඳවා දේහය ගොඩ ගන්නා ලදී.

දේහය ඉටි රෙද්දක ඔතා අඩි දෙකක පමණ වලක් තුල දමා පස් වලින් වසා ඒ මත භූමි තෙල් අතුරා තිබී ඇත.

මරණකරු බිරිඳ සහ දරුවන් විසින් හඳුනාගනු ලැබූ අතර පොලිසිය විසින් විමර්ශන කටයුතු අරඹන ලදී.

මේ අනුව එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද තලාව,කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනය සම්බන්ධයෙන් ඔහු පාපොච්චාරණයක් සිදුකර ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා තමා මත්පැන් පෙරන බවට පොලිසියට තොරතුරු ලබා දෙන බවට සැක කිරීම නිසා ඔහු මරා දැමීමට තීරණය කළ බවත් ඒ අනුව මග රැඳී සිටි මරණකරුට මත්පැන් පානයට එන ලෙස පවසා කැලෑබද පොල් ඉඩමකට රැගෙන ගොස්  මස්සිනා සමග ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර වළ දැමූ බව පවසා ඇත.

Continue Reading

Hot News

හංවැල්ල සමූහ දූෂණයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

පසුගියදා හංවැල්ල ප්‍රදේශයේදි 17 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය.

එම සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනාට පැය 48ක කාලයක් රැඳවුම් නියෝග ලබා දී තිබෙනවා.

ඒ අද (23) ඔවුන් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්කා මද්දුම පටබැදිගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අතුරුවයි.

හංවැල්ල – පහළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් තරුණයින් පස්දෙනෙකු විසින් සමූහ දූෂණයකට ලක් කළ බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව හංවැල්ල පොලිසිය සහ නුගේගෙඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව පරීක්ෂණයක් ආරම්භ කෙරිණ.

කෙසේ වෙතත්, ඉන් අනතුරවයි සිද්ධියට අදාළව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

Continue Reading

Hot News

මේ වසරේ සංචාරකයින් ලක්ෂ 9ක් ලංකාවට ඇවිත්

සංචාරකයින් 966,604ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පවසන්නේ ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69825 ක් පැමිණ තිබෙන බවයි.

ජනවාරි මාසයේදී සංචාරකයින් 208253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148867ක්, මැයි මාසයේදි සංචාරකයින් 112128 ක් ලෙස මෙරටට පැමිණ තිබෙනවා.

රුසියාව, ඉන්දියාව, ජර්මනිය, ‍බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනක්.

Continue Reading
Advertisement
Politics7 mins ago

රටේ අනාගතය වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කළ යුතුයි – ජනපති

Hot News14 mins ago

කසිප්පු පෙරනවා කියලා පොලිසියට ඔත්තු දුන්න නිසා දෙදරු පියාව අවසන් ගමන් යවලා

Sports1 hour ago

ඇමරිකාව සමඟ තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

Hot News1 hour ago

හංවැල්ල සමූහ දූෂණයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

Hot News2 hours ago

මේ වසරේ සංචාරකයින් ලක්ෂ 9ක් ලංකාවට ඇවිත්

Politics3 hours ago

බංකොලොත් යැයි නම් කළ ශ්‍රී ලංකාව ගාසා වැසියන් වෙනුවෙන් හැකි උපරිම සහාය ලබා දුන්නා

Hot News4 hours ago

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක් 

Sports4 hours ago

කොදෙව් කෙල්ලන් සමඟ සටනට එන ශ්‍රී ලංකා කාන්තා 20-20 සංචිතය නම් කෙරේ

Politics5 hours ago

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි – ජනපති

Hot News6 hours ago

පඬුරු බෙදා ගන්න බැරුව පුසාරිල ගුටි කෙළියක

Politics7 hours ago

එළැඹෙන ජනාධිපතිවරණයේදී මගේ සහය ඔබටයි ජනපතිතුමණි – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

Politics7 hours ago

අභියෝග හමුවේ කිසිවිටෙකත් පැන යන්න එපා

Politics7 hours ago

සක්වල හා හුස්ම ක්‍රියාත්මක කරන නිසා පක්ෂ සියල්ල අපිට ගහන්න පටන් අරන් – සජිත්

Politics8 hours ago

ජනාධිපතිවරණය ඔක්තෝබර් 12ට කලින් තියෙනවා – වජිර

World8 hours ago

බංග්ලාදේශයේ සර්ප බිය ඉහළට

Hot News9 hours ago

බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි

Hot News9 hours ago

මාස 6ට වැඩි දරුවන්ටත් ත්‍රිපෝෂ ලබා දෙන්න – වෛද්‍ය චමල් සංජීව

Hot News9 hours ago

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

Politics10 hours ago

බැසිල් ආවොත් නම් අපි ඉන්නේ නෑ – ලන්සා

Hot News10 hours ago

Watch : තලාවම කම්පා කළ මාරක රිය අනතුර

World11 hours ago

ඕස්ට්‍රේලියානුවන් 3000ක් උපන් ඇඳුමින් පිහිනන්න එයි

Hot News11 hours ago

රන් මාලයක් කොල්ල කා පලා ගිය දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් ගුටි පූජාවක්

Sports12 hours ago

ඇෆ්ගනිස්තානයට ලකුණු 21ක අති විශිෂ්ඨ ජයක්

Sports12 hours ago

පැට් කමින්ස්ගෙන් තවත් කඩුලු ත්‍රිත්වයක්

Hot News12 hours ago

පැලවත්ත – නෙළුව මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන දරුණු අනතුරක්

Weather12 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට පොඩි පොඩි වැසි

Sports12 hours ago

කැන්ගරුවන්ට ලකුණු 149ක ඉලක්කයක්

Sports22 hours ago

ඉන්දියාවට ලකුණු 50ක සුපිරි ජයක්

Sports23 hours ago

බංග්ලාදේශයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

Hot News1 day ago

Watch : සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News1 day ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics1 day ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports2 days ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Hot News3 days ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Hot News3 days ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Hot News3 days ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Politics4 days ago

Watch : ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

Sports4 days ago

Watch : ලංකාවට ආපු වනිඳුට හොඳටම මළපනී

Sports4 days ago

Watch : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

Politics5 days ago

Watch : රාජ්‍ය බැංකු දෙකට කෝටි 65,000 ක පොලු තැබූ ඇමතිවරුන් ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්..!

Hot News6 days ago

Watch : පිළිමතලාවෙන් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා අලය

Hot News6 days ago

Watch : ලංකාවේ ඉඳන් නිල් චිත්‍රපටි හදලා චීනෙට විකුණලා ඩොලර් ගෙනා ජෝඩු දෙක හිටපු පිළියන්දල ගෙදර පොලිසිය වටලයි

Sports1 week ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 week ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics1 week ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 week ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 week ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 week ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News2 weeks ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports2 weeks ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News2 weeks ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics2 weeks ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics2 weeks ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports2 weeks ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics2 weeks ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment2 weeks ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News2 weeks ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News2 weeks ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News3 weeks ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News3 weeks ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Advertisement

Categories

Trending