ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු ඒකමතිකව තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද (30) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම එකඟතාවය පළව තිබේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එය ස්ථීර කර තිබේ.

⁣මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ද ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවටද ප්‍රතිඥා දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේදී
පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙයට සහභාගී වී නොමැති අතර තමන්ට අද පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණි.

පවිත්‍ර වන්නිආරච්චි ඇමතිනියද මෙම රැස්වීමට එක්ව සිටියාය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වන ඩඩ්ලි සේනානායක, ඒ පියාගේ පුතා කියා බුහුමන් ලැබුවාට, මැදමුලන ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වන නාමල් රාජපක්ෂට නම් සිය පියාගේ විකුණා බලය ඇල්ලීම ලෙහෙසි පහසු වෙන්නේ නැත. හේතුව තමන්ට ජනතාව දුන් පාලනය රනිල්ට බුලත් හුරුල්ලක් සමග භාර දුන්නා මිස රනිල් කාගේවත් කිල්ලෝටයකට අත දාන්න ගියේ නැත. දිගු කලක් මැදමුලනට වන්දනාමාන කරගෙන සිටි සියඹලාපිටිය, සේමසිංහ, කංචන වැනි පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීන් වර්තමානයේ පැවරී ඇති කාර්ය භාරය රනිල් රටේ පාලකයා නොවි නම් කිසි විටෙක රාජපක්ෂ පාලනය යටතේ ඔවුන්ට නො ලැඛෙන බව රටේ මිනිස්සු කතා කරති. 

ලංකාවේ ජනාධිපති මැතිවරණයකදී කොළඹ, ගම්පහ සහ කුරුණෑගල තීරණාත්මක වේ. වීරවංශ ගම්මන්පිල කපා හැරීමට බැසිල් සරත් වීරසේකර දැමීම නිසා කොළඹ පොහොට්ටුව ශක්තිමත් නැත. ගම්පහ හෝ කුරුණෑගල පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් මහින්දට ලබා දුන් සහාය නාමල්ට ලබා නො දීම ගැන මැදමුලන රාජපක්ෂ කුමාරයා සිටින්නේ කෝපයෙනි. 

මහින්දට තවදත් ගරු බුහුමන් දැක්වූ ප්‍රසන්න, නිමල් ලංසා මෙන්ම කුරුණෑගල අනුර යාපාලාත් ඉන්නේ රටට රනිල් අවශ්‍යය කියන තැනකය. පැරණි එජාප කකුලක් වූ කුරුණෑගල ජොන්ස්ටන් කතා කරන්නේ නැත. 

මේ සියල්ලට අමතරව පොහොට්ටුවෙන් ධම්මික පෙරේරා නම් කළොත් රාජපක්ෂ කඳවුරේ බහුතරය, අපි රාජපක්ෂලාට දර දිය ඇද්දට රාජපක්ෂ උප්පැන්න සහතිකයට ගරු කර ගෝඨා දිනවා කෑ පරිප්පුව ගැන දන්නා නිසා තවත් මැදමුලන හාල් පාලූවෙක් රජ කරවීමට මොලේ අමාරුවක් නැතැයි තීන්දු කර හමාරය. ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් රටේ ජනතාව රනිල් වෙත සමීප විම මිස රනිල් කාගේවත් මල්ලකට අත දැමීමක් නොවේ. ගෝටාටත් පළමුව පරාන බයෙන් තම අගමැතිකම අතහැර ගෙදර ගියේ මහින්ද රාජපක්ෂ නම් නාමල්ගේ තාත්තාය. 

ජන්ම ගතියට පක්ෂ කඩනවා රනිල්ට චෝදනා කරන නාමල්ට එළඹෙන ජනාධිපති මැතිවරණයේ හරබරවත් තේරෙන්නේ නැත. අනියමින් පොහොට්ටුවට අගමැතිකම ඉල්ලන්නේ මොකටදැයි රටම දනිති. අප්පලා බාප්පලා පුතාලා හරි හරියට රට කරවීමේ ප්‍රතිපලය නිසා 2020 ජනතාව ගෙදර යැවූ රනිල් කෙරෙහි ජනතාව මේ වනවිට දැඩි විශ්වාසයත් තබා සිටීම ගැන නාමල් වෛරයෙන් පිපිරුණාට, පොහොට්ටුවේ බහුතරය ආඩම්බර වෙනවා මිස දුක් වෙන්නේ නැත. 

ඉහතින් නම් කළ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පමණක් නොව ප්‍රාදේශීය සභාවට යාමට සැලසුම් කරන ගමේ නියෝජිතයන් පවා සාමාන්‍ය ගමේ මිනිසුන්ට අනුගතව රනිල් සමග පෙළ ගැසී හමාරය. පවත්නා ගතික දේශපාලනය හා රනිල් නම් සාධකය එකට ගැලපීමට නාමල් රාජපක්ෂට දැනුම් තේරුමක් තිබුණා නම් රනිල් ගෙන් අගමැතිකම් ඉල්ලන්නේ නැත.

දෙ වසරක් තුළ රටේ ගැටළුවට රනිල් මැදිහත්වූ ආකාරය අනුව පේන තෙක් මානයක තවත් විකල්පයක් නැති බවට රටෙන් බහුතරයකගේ මතය වේ. සත්තකිනක්ම ඒ රනිල් වික්‍රමසිංහ අවශ්‍ය නිසා නොවේ. ජීවත්වීමට රටක් අවශ්‍ය නිසාය. මේ වනවිට ශෂින්ද්‍ර රාජපක්ෂ පවා කුරහන් සාටකය විසි කොට ටයි කෝට් අඳින්නේ පොදු ජන මනස මැනවින් කියවා ඇති නිසාය. කුමාරසිරි හෙට්ටිගේලා, තිස්ස කරල්ලියද්දෙ ලා සජබට ගියා නොව රනිල් බල කිරීමට කවුදෝ විසින් යවා ඇති බව පොහොට්ටුවේ අය දන්නා රහසකි.  

පොසොන් සමයේ මගේ මිතුරෙකුට රඹෑව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙකු හමුවිය. කොහොමද ඇසූ විට ඔහු කියා ඇත්තේ අපි නම් කවදාවත් රාජපක්ෂලාගෙන් ඉවත් වෙන්නේ නැත කියාය. පවත්නා දේශපාලන උණුසුම ගැන කතා කළ විට ඔහු කීවේ, ෂෙහාන් සේමසිංහ, එස්.එම්.චන්ද්‍රසේන සමග රජරට ජනතාව රනිල්ට සහාය දීමට තීන්දු කර ඇති බවය. එතකොට රාජපක්ෂලා…? එසේ ඇසූ ප්‍රශ්නයට ඔහු බිඳි ගිය හඬකින් කීවේ මේ රාජපක්ෂලාගේ වෙලාව නො වන බවය. මහින්ද මහත්තයා ඉල්ලූවත් අමාරුයි යනුවෙන් ඔහු කළ ප්‍රකාශයෙන් සාම්ප්‍රදායික නුවර කලාවියේ නව දේශපාලන නැඹුරුව තේරුම් ගත හැකිය. 

මහින්දානන්දලා, ප්‍රසන්න රණතුංගලා, කන්චන විජේසේකරලා, ෂෙහාන්ලා චන්ද්‍රසේනලා හිතන්නේ තම ගම් මට්ටම හිතන විදියටය. නාමල් රජපක්ෂ දන්නේ රනිල්ට දුන්නේ ටැම්පරියක් නිසා, තාත්තාට පසුව තමන්ට රට භාර දිය යුතුය කියාය. කන්චනලාට, සේමසිංහලාට, සියඹලාපිටියලාට ගෙවී ගිය වසර දෙකක කාලය තුළ සිය ශක්තිය යොදා වැඩ කිරීමට ලැබුණ අවස්ථාව රාජපක්ෂලාගෙන් කිසිදාක ඔවුන්ට ලැබෙන්නේ නැත. 

රනිල් විදේශගත වෙද්දී විශ්වාසයෙන් රටේ ආරක්ෂාව බාර දී ගියේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ටය. කනක හේරත්, දිලුම් අමුණුගම ආදී තරුණ ඇමතිවරු ද රනිල් දුන් සියලු ඉලක්ක රට වෙනුවෙන් ඉටු කළහ. ජනාධිපති වික්‍රමසිංහ කී පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කළේ නුවර කලාවියේ ෂෙහාන් සේමසිංහය. ඉන්ධන අර්බුදයට මුහුණ දෙමින් රට වෙනුවෙන් බොහෝ අවදානම් ගත්තේ දෙවිනුවර කන්චන විජේසේකරය. රනිල් රටේ පාලකයනා නොවන්නට මේ තරුණ ශක්තිය මැදමුලනට බත් බුලත් සපයනු මිස, රටේ යහපතට පාවිච්චි නොවන බව ඒ තරුණ දේශපාලනඥයන් පත් කර එවූ ඡන්ද දායකයන් දන්නවාය. 

2022 අප්‍රේල් අරගලය වෙලාවේ නාමල්ගේ තාත්තා පැන ගියේ බාප්පාටත් පළමුවෙනි. පොහොට්ටුව කැඩී ගියේ අරගල භූමියට රාජපක්ෂ වාදීන් කඩා පැන පහර දුන් නිසාය. 

මැයි 13 මහින්දත් ජූලි 09 ගෝඨාත් බලයෙන් විසි වන විට ප්‍රජාතාන්ත්‍රීක රටේ විපක්ෂ නායක රට භාරගත යුතව තිබිණ, එදා ඇද වැටුණ රාජපක්ෂලා සත්තකින්ම තෝරා ගත යුතුව තිබුණේ තනි මන්ත්‍රී අසුනකට සීමාවී සිටි රනිල් නොව විපක්ෂ නායක සජිත් හෝ අරගල කර පුරුදු ජවිපෙ අනුර කුමාරය. එහෙත් රටේ පැවති තත්වය අනුව සජිත් අනුර දෙදෙනාම කර ඇරියේ කාගේවත් මරාලයකට කර ගහන් බය වූ  නිසාය. කතානායක මහින්ද යාපා අබේවර්ධනටත් රටේ ජනාධිපති වන ලෙස බලපෑම් පැමිණියද, අත්දැකීම් බහුල ඒ ජ්‍යෙෂ්ඨ මිනිසා පැවති තත්වය මැනවින් දැන සිටියේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීන් මහ මග නිරුවත් කොට පහරදී මරා දමන තරමට තත්වය බරපතල විය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ටත් ජනාධිපති වෙන්න හිතෙන තරමට රට බුද්ධිමතුන්ටද පිස්සු වැටී තිබිණ. පලපුරුදුය කියන මහින්ද සහ ආර්ථීක ඔස්තාර් බැසිල් දෙදෙනාත් සිටියේ හැංගෙන්න තැන් සොයමිනි. බලයට පත්ව කෙටි කලක් තුළ කඩා වැටෙමින් පැවති රට ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට දකුණේ විපක්ෂ දේශපාලනඥයන් ගෙන් සහභාගි වුණේ රනිල් වික්‍රමසිංහ පමණකි. සමුළුව ආරම්භය මුල් විනාඩි කිහිපය තුළ රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා තරමට රටේ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසරණ වුණා මෙන්ම, රනිල් වික්‍රමසිංහ නම් මහ මැත්වරණයෙන් ජනතාව විසින් ගෙදර යැවූ දේශපාලනඥයා එක් නිමේෂයකින් ප්‍රභාසම්පන්න විය. 

සත්තකින්ම මැයි 13 වෙනිදා රටේ අගමැතිකමත් ජූලි 13වෙනිදා විධායක ජනාධිපතිකමත් රනිල් වික්‍රමසිංහගේ දෙපතුලට ගෙනැවිත් තැබුවා මිස කොන්දේසි යටතේ රනිල්ට ඉල්ලා ගත් දෙයක් නැත. රනිල් ජනාධිපතිවී පැය විසි හතරක් තුළ කාගේ කාගේත් චණ්ඩිකම් අවසන් විය. සත්තකින්ම රනිල් හැදුවේ රටේ ආර්ථීකයව පමණක් නොවේ. නීතිය හා සාමයත් ස්ථාපිත කළේය. 

මෙසේ සාරාංශ කර දැක්වූ නිදහස් ලංකාවේ මහා ඛේදවාචකය නාමල් රාජපක්ෂට මතක නැත. දැන් ඔහුට ඇත්තේ එළඹෙන මැතිවරණයේදී ජනාධිපති විය නො හැකි නම් රටේ අගමැති හෝ වෙන ආසාව පමණකි. මට මෙහිදී මලයාලම් බයිස්කෝප් කතාවක් මතක් වේ. 

දේශපාලන හේතු මත අපරාධ උගුලකට හසු කර සිර දඬුවම් නියම වූ සිරකරුවෙකු හමු වූ පක්ෂ ලේකම් කෙනෙක්, පක්ෂයේ ජයග්‍රහණයට සහාය දෙන්නේ නම් සියලු  චෝදනාවලින් මුදවා ගන්නා බව දන්වා සිටියේය. ඒ වනවිට එකී පක්ෂයේ ජනාදරයට පත් මහා අමාත්‍ය ධුරය දැරූ පක්ෂ නායකයා ඝාතනය කර බලය අල්ලා ගත් පක්ෂ නායකයාගේ බෑණා විසිනි. මේ කියන පක්ෂ ලේකම්ද එකී බෑණා සමග එක්ව සිටි බව දැන සිටි සිරකාරයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පක්ෂ ලේකම්, තමා ඒ දුෂ්ඨ බෑණා විනාශ කරන බවට සපත කළේය. ඒ කතාව අසා බන්ධනාගාර රැඳවියා බක බක ගා සිනාසිණ. 

” ඔයා මං ගැන දන්නේ නෑ. ” එසේ කී පක්ෂ ලේකම් පරණ කතාවක් සිහිපත් කළේය. තම පන්තියේ සිටි දක්ෂම සිසුවා සමග වෛර කළ හෙතෙම නිතර ගැටුම් ඇති කර ගත් අතර මේ ගැන විමසූ පක්ෂ ලේකම්ගේ පියා සිද්ධිය හෑල්ලූවට ගත්තේය. 

” අනේ ඕකට ගහ ගනන එපා. ඒ හතුරා එක්ක යාලූ වෙන්න. එකට කන්න බොන්න. පියාගේ අවවාදය පිළිගත් පසුව ආරවුල සංසිඳී දරුවන් දෙදෙනා සමීපතම මිතුරන් බවට පත් විය. පසු දිනෙක අර දක්ෂ සිසුවා දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් වී තමන්ට නිසි තැන ලබා ගැනීමට හැකි වූ බව කී පක්ෂ ලේකම්, සිරකරුට අත දිගු කොට අපි එකට වැඩ කරමු. යයි යළි ඉල්ලා සිටියේය. 

”කතාව ඉවර කළේ නෑනේ”. සිරකරු ඇසුවේ උපහාසයෙනි. 

”කතාවේ අවසානය අදටත් රහසක්……එසේ කී පක්ෂ ලේකම් පියාගේ උපදෙස් අනුව කාටත් නො දැනෙන ලෙස තමා විසින් තම හතුරා දුම්රියට තල්ලූ බව කී විට, සිරකරු මෙසේ කීය. 

”ඔයාගේ තාත්තයි මගේ තාත්තායි දෙන්නෙක්. කරුණාකර යන්න. මට පාරේ මැරෙනවාට වඩා හිරේ ඉන්න එක සැපයි. මේ චරණ නාලිකාවේ විකාශනයවූ මලයාලම් චිත්‍රපටයක සිද්ධියකි. පොහොට්ටුවේ බහුතරය දරන්නේ මෙවැනි ආකල්පයකි. 

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here