රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන්නේ නම් ඊට සාපේක්ෂව භාණ්ඩාගාරයට වියදම් කළ හැකි ප්‍රමාණයේ අතිරේක ආදායමක් සොයාගත යුතු බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පවතින තත්ත්වය තුළ වැටුප් වැඩි කිරීම අසීරු බවත්, එය එසේ කරන්නේ නම්, රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම නැතහොත් නව බදු පැනවීම හෝ පවතින බදු ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here