යාපනය, වීරමාකාලි අම්මාන් කෝවිලේ පඬුරු බෙදා ගැනීමට යාමේදී පූසාරීවරුන් තිදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග ගොස් ගැටුමක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පූසාරීවරුන් තිදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (22) යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

ගුටිබැට හුවමාරුව අතරතුර එක් පූසාරීවරයෙකුගේ සහෝදරයෙකු හා මාමා කෙනෙකුද පැමිණ අනෙක් පූසාරීවරු දෙදෙනාට පහර දී තිබෙනවා.

එම අවස්ථාවේදී කෝවිලේ පූජාවකට සහභාගී වෙමින් සිටි බැතිමතුන් පිරිසක් එම ආරවුල හා ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

නමුත් එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මේ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here