පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලීමට සුදුසු රටක් බවට වන යෝජනාවක් එහි මහා මණ්ඩලය තුළ සම්මත වී තිබෙනවා.

එහිදී පලස්තීනයට පක්ෂව ඡන්ද 143ක් ප්‍රකාශයට පත්වූ අතර ඊට එරෙහිව ඡන්දය භාවිත කර තිබුණේ ඊශ්‍රායලය සහ අමෙරිකාව ඇතුළු රටවල් 9ක් පමණයි.

තවත් රටවල් 25ක් ඡන්දය භාවිතයෙන් වැළකී සිට තිබෙනවා.

කෙසේ නමුත් එමගින් පලස්තීනයට, එම සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමි නොවන අතර සාමාජිකත්වය ලබාදීමේ තීන්දුව ගත හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පමණක් බව සඳහන්.

මේ අතර එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල නිත්‍ය නියෝජිතයා අදාළ යෝජනාවට සිය විරෝධය පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here