Hot News
පහරදී දෙපා ගැටගසා ඝාතනය මළසිරුරක් ඇලමෝදර ඇලේ

පහරදී ඝාතනය කල බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පාවෙමින් තිබියදී අද පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැල්පොල , පරගස්තොට, නවෝද්‍යා මාවතේ පදිංචිව සිටී පල්ලවත්තගේ ධර්මවර්ධන නමැති 54 අවිවාහකයකු බව පොලිසිය කීය.
ඝාතනය සම්බන්දයෙන් හිටපු නාවික හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිසියේ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්වත්ත පාර, කලපුගම සහ කොස්මැදේ පාර කලපුගම ප්‍රදේශයේ පදිංචි 24 සහ 18 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
සැකකරුවන් දෙදෙනා ඝාතනය සිදුකිරිමෙන් පසු මොරොන්තුඩුව ප්‍රදේශයට පලාගොස් ඇති බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට ලක්ව ඇති තැනැත්තා දින දෙකකට පෙර ආරවුලක් ඇතිකර ගෙන ඇති බවත් , පැල්පොල බේකරිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණ පහරදීම සිදුකර ඇදගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා අතුරුදන් බවට ඊයේ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද පොලිසිය කීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)
Hot News
හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

පාසල් සිසුවෙකුට එම පාසලේ ගුරු හිමිනමක් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.
මෙසේ රෝහල් ගතකර තිබෙන්නේ මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි.
Hot News
Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු

පුද්ගලික ඔත්තුකරුවකගෙන් ලද තොරතුරක් අනුව ලිංගික උත්තේජක පෙති 31750 ක් හා ලිංගික උත්තේජන ජෙල් පැකට් 259 ක් බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර ගබඩා කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් හනීෆා මොහොමඩ් රූමි යන අවුරුදු 46ක ව්‍යාපාරිකයකුයි.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දි මෙම පෙති වර්ග සභ ජෙල් පැකට් ඉන්දියාවේ සිට සූක්ෂමව මාලු බෝට්ටු තුල සඟවා රැගෙන ආ බවත් විකිණීම සඳහා වෙනත් අයෙකුට මුදලට ලබා දෙන තෙක් මෙලෙස ගබඩා කර තිබූ බවටත් අනාවරණය චී ඇත.
සැකකරු හෙට දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
Hot News
පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

පන්විල ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 80 හැවිරිදි පස් දරු මවකගේ සිරුර වත්තේගම රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුරන්කුඹුරෙ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු මවකි.
මෙම 86 හැවිරිදි මව දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඊයේ O2වනදා සවස සිට අතුරුදහන්ව තිබෙි පසුව රාත්‍රී කාලයේ සිට සොයා ඇති අතර අද 03 උදේ වරුවේදී රොස්සැල්ලේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.
ඇය රොස්සැල්ලට පැන දිවි නසා ගත්තාද නැත්නම් වැටී මිය ගියාද යන්න පිළිබඳව වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමතව තිබිණ.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් නවරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
(මොහොමඩ් ආසික්)
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්