ගම්පොළ පොලිස් වසමේ පිහිල්ලදෙණිය ප්‍රදේශයේ නිවසක පළමු මහලෙන් වැටී කාන්තාවක ඊයේ (මැයි 14) සවස් කාලයේ මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ පිහිල්ලදෙණිය, නාරංවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම කාන්තාව පළමු මහලෙන් වැටී තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව ගම්පොළ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ය.
මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මේ පිළිබඳව ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.