කරස්නාගල ජල පිරිපහදු ක්රමයේ සිට ජලය බෙදාහරිනු ලබන ප්රධාන නළයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්රී 10.00 සිට හෙට (02) රාත්රී 10.00 දක්වා ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දේ.
ඒ අනුව පස්යාල, කලල්පිටිය, ඇල්ලලමුල්ල, වතුපිටිවල, මාඉඹුල, අත්තනගල්ල, ගොඩගම, අලවල, ඌරාපොළ, දික්කන්ද, වල්ගම්මුල සහ මිටිගම්මන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.
ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කරන අතර ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ඉල්ලා සිටී.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 1939 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ලබා ගත හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.