Weather
ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද (24) පස්වරු 01න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සම ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවය.
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවතාකිල තද සුළංවලින් හා සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Weather
කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

Weather
බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් – ඉදිරි පැය 12 තීරණාත්මකයි

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Weather
බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් – ඉදිරි පැය 12 අවදානම්

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
ඊට අමතරව ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදීත් අවදානයෙන් කටයුතු කළ යුතුයි.
ඒ, බෙංගාල බොක්කේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ය.
එම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
හෙට වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.
ඒ හේතුවෙන් උතුරු, හා උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
කෙසේ වෙතත් එය දෙසැම්බර් 5 වනවිට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World14 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්