ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සා­රි (Mukhtar Ansari) හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 60ක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , පුද්ගල ඝාතන කිහි­ප­යක් සම්බ­න්ධව වර­ද­කරු වී ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් විඳි­මින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් අන්සාරිගේ මරණයෙන් පසු බොහෝ විපක්ෂ නායකයින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here