ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසයි.
ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති ඇය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දීයි.
මෙලෙස අභාවප්‍රාප්ත වූ ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ බිරිද වේ.